file
2022 අරගල සමයේ ජීවිතක්ෂයට පත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ආගමික වතාවත් සිහි කර පින්පෙත් අනුමෝදන් කිරීමක් පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කර තිබුණා.
ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී.
මේම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරසක් එක්ව සිටියා.
ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බූක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්.
උපුටා ගැනීම:
ආණ්ඩු බලයන් තාවකාලික වූවත්, රාජ්‍ය සුරක්ෂිත කරමින් ඉදිරියට යාමට නම් අන් අයගේ මතයට ගරු කරමින් පටු දේශපාලන අරමුණුවලින් තොරව අප ගමන් කළ යුතු අතර එය ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන්ගේ මූලික හර ලක්ෂණයක් ද වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ එතුමන්ගේ ආරක්ෂක නිලධාරියා අරගලයට මුවා වූ මිනීමරු කල්ලි අතින් අමානුෂීය ලෙස ඝාතනයට ලක් කරමින් දැයට අහිමි කොට අදට වසර 2ක් ගත වී ඇත. එතුමන් සහ ආරක්ෂක නිලධාරියා සිහිපත් කරමින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී, මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිං අනුමෝදන් කිරීමේ බෝධි පූජා පිංකමක් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා ඇතුලු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.
උපුටා ගැනීම අවසන්:
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…