Tuesday, January 21, 2025
Homeදේශීයඅරගලයේ දී මැයි 9 ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති වෙනුවෙන් නාමල් පිං අනුමෝදන් කරයි

අරගලයේ දී මැයි 9 ජීවිතක්ෂයට පත් වූ අමරකීර්ති වෙනුවෙන් නාමල් පිං අනුමෝදන් කරයි

2022 අරගල සමයේ ජීවිතක්ෂයට පත් වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඒ මහතාගේ ආරක්ෂක නිලධාරියා වෙනුවෙන් ආගමික වතාවත් සිහි කර පින්පෙත් අනුමෝදන් කිරීමක් පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කර තිබුණා.

ඒ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී.

මේම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරසක් එක්ව සිටියා.

file
file
file

ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බූක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්.

උපුටා ගැනීම:

ආණ්ඩු බලයන් තාවකාලික වූවත්, රාජ්‍ය සුරක්ෂිත කරමින් ඉදිරියට යාමට නම් අන් අයගේ මතයට ගරු කරමින් පටු දේශපාලන අරමුණුවලින් තොරව අප ගමන් කළ යුතු අතර එය ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන්ගේ මූලික හර ලක්ෂණයක් ද වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ එතුමන්ගේ ආරක්ෂක නිලධාරියා අරගලයට මුවා වූ මිනීමරු කල්ලි අතින් අමානුෂීය ලෙස ඝාතනයට ලක් කරමින් දැයට අහිමි කොට අදට වසර 2ක් ගත වී ඇත. එතුමන් සහ ආරක්ෂක නිලධාරියා සිහිපත් කරමින් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී, මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිං අනුමෝදන් කිරීමේ බෝධි පූජා පිංකමක් සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මැතිතුමා ඇතුලු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.

උපුටා ගැනීම අවසන්:

READ:   විවාද ආරාධනාවට නාමල් හා කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්