file
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ”ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ” හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අඟුණකොළපැළැස්ස බන්ධනාගාර ක්‍රීඩංගනයෙදී අද ආරම්භ විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සහභාගීත්වයෙන් අද වැඩසටහන ආරම්භ වූ අතර, මෙහිදී විදේශ සේවා කාර්යංශයේ මගින් ප්‍රතිලභ රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව වෙත ලබාදිම සිදු විය.
එහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වී විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් සහ සේවයේ නියැලෙන ශ්‍රමිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.
ඒ අනුව විදෙස් රැකියාවල නියලීමෙන් ජීවිත සාර්ථක කරගත් විගමනික ශ්‍රමික පවුල් 05 කට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඇගයීම් වශයෙන් රුපියල් 50,000 බැගින් ලබා දෙන ලදි . ඊට අමතරව විගමණික ශ්‍රමිකයින් 25 දෙනෙකු සඳහා ස්වයං රැකියාවල නියැලීම පිණිස ලබා දෙන රුපියල් ලක්ෂයක මුදලින් රුපියල් 50,000ක ප්‍රදානය කිරීද අද සිදුවිය.
විගමණික ප්‍රජවේ සාමාජිකයන්ගෙන් තෝරාගත් 12 දෙනෙකුට ඇස්කණ්නාඩි සහ 9 දෙනෙකුට රෝදපුටු ප්‍රධානය කිරීමද අද වැඩ සටහනේදී සිදු විය. තවද විගමනික පවුල්වල දරුවන් 25 දෙනෙකුර ෂ්‍යත්ව ප්‍රධානය කිරීමද සිදු විය,
විදෙස්ගත්වීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වාර කිහිපයක් ලබා ගත් ශ්‍රමිකයන් 40ක් සඳහා සතොස වවුචර් පිරිනැමීම සහ විගමනික ප්‍රජාවේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 12ක් සඳහා ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීමද අද වඩසටහනෙදී සිදු විය. එමෙන්ම ප්‍රථම වරට ගෘහ රැකියා සඳහා විදේශගත වන කාන්තාවන් 10 දෙනෙකුගේ පවුලේ සාමාජිකයන් සඳහා වවුචර්පත් ප්‍රදානය කිරීමද අද වඩ සටහනේදී සිදු විය.
විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දූ දරුවන් 25කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද අද සිදු විය. එමෙන්ම පාසල් උපකරණ සහ පාසැල් බෑග් ලබා දීමද අද වැඩ සටහනේදී සිදු විය.
එම ප්‍රතිලාභ ලාභීන් තෝරාගනීමේදී සේවය අවසන් කර පැමිණි විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 20 දෙනෙක්, දැනට සේවයේ යෙදී සිටින විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 510 දෙනෙක්, සේවය අවසන් කර ආ විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් 48 ක් තෝරාගෙන තිබුනි.
ඊට අමතරව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් කොට්ඨාසයකට එකක් බැගින් තෝරා දෙන ලද ප්‍රදේශයේ පාසල් සඳහා ස්මාට් බෝඩ් 12ක් ප්‍රදානය කිරීමද අද සිදු කෙරිණි.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර යන මහත්වරුන් සමග අමාත්‍ය මහින්ද අමරවීර නියෝජනය කරමින් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් – හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.ඩබ්ලිව්. ආනන්ද ගුණසේන සහ ජනාධිපති විශේෂ සහකාර ආනන්ද කුලරත්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඇතුළුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.
:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…