file
කම්කරු දිනය යෙදී ඇති අද (මැයි 1) කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට 1000ක කම්කරු කණ්ඩායමක් යොදවන බව කොළඹ මහනගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂිකා ඉන්ජිනේරු ශහිනා එම්. මයිශාන් ‘මව්බිම’ට පැවසීය.
වෙනත් දිනවලදී කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කිරීමට යොදන 700ක් පමණ වූ සේවක කණ්ඩායමට අතිරික්තව තවත් 300ක පිරිසක් මෙසේ සේවයට යොදා ඇතැයි මයිශාන් මහත්මිය කීවා ය.
දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති සංවිධානය කරන මැයි රැලි හා පෙළපාළි මඟින් කොළඹ නගරයට අද දිනයේ එකතු වන අපද්‍රව්‍ය කඩිනමින් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ මූලික අරමුණ යැයි ඇය පැවසුවා ය.
1000කට අධික මෙම කම්කරු බළඇණිය අද පැය 24 පුරා දිවා රෑ නොබලා සේවයෙහි නිරතවනු ඇතැයි ද මයිශාන් මහත්මිය සඳහන් කළා ය.
ඒ අනුව කම්කරු දිනයෙන් පසුව මැයි 2 වන දා කොළඹ නගරයට සේවා සපයා ගැනීම ඇතුළුව රාජකාරියට පැමිණෙන සාමාන්‍ය ජනතාවට පිරිසුදු නගරයක් දැකගැනීම සැලැස්වීමට කොළඹ මහනගර සභාව සිය උපරිමයෙන් මැදිහත් වන්නේ යැයි ඉන්ජිනේරු ශහිනා මයිශාන් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා ය.
:මව්බිම (රවිශාන් ප්‍රනාන්දු)
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…