Saturday, January 31, 2026
Homeදේශීයජනපතිගේ ජයග්‍රහණය තහවුරුකිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක්වෙයි

ජනපතිගේ ජයග්‍රහණය තහවුරුකිරීමට නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ ඇමති මනුෂ සමග එක්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සහතික කිරීම සදහා නුවරඑළියේ වෙනත් පක්ෂ නියෝජිතයෝ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සමග එක්වූහ.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයෝ මෙලෙස ජනාධිපතිතුමා සමග එක්වූහ. හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු සහ අපේක්ෂකයෝ මේ අතර වූහ.

නුවරඑළිය වෙනත් පක්ෂ හමුවක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළියේ කල්‍යාණි සතරසිංහ නිවසේදී පැවැත්විණි.

මෙහිදී වෙනත් පක්ෂවල සාමාජිකයින් එක්සත් ජාතික පක්ෂය සමඟ එළඹෙන ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කළේය.

මෙහිදී අමාත්‍යවරයා පක්ෂ සාමාජිකයින් ඇමතු අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ව සාමාජිකයින් දැනුවත් කලේය.

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලය වේගය අතර පවත්වන්නට නියමිත සංවාදය පිළිබඳවද අමාත්‍යවරයා විසින් අදහස් ප්‍රකාශ කරනු ලැබුවේය.

:කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය

READ:   රත්මලාන වෙරළින් නාඳුනන මළ සිරුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්