දේශීය

විදේශ රැකියා දෙන බව පවසා මුදල් ගන්නා ජාවාරම්කරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න – ඇමති මනුෂගෙන් විදේශ සේවා විමර්ශන අංශයට නියෝග

විමර්ශන වේගවත් කිරීමට සෑම පහසුකමක්ම දෙනවා

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට දැඩි නියෝගයක් කළේය.

මෙසේ මුදල් ලබාගන්නා ජාවාරම් වැලැක්වීම සදහා ගත යුතු සියලුම පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා නියෝග කළේය.

මෙම විමර්ශන වේගවත් සහ කාර්යක්ෂම කිරීම සදහා සෑම පහසුකමක්ම ලබා දෙන ලෙස අමාත්‍යවරයා කාර්යාංශයේ ඉහළ කලමනාකාරීත්වයට දැනුම් දුන්නේය.

මේ අතර අනුරාධපුරයට ආසන්න එක්තරා විහාරස්ථානයක විහාරාධිපති ප්‍රමුඛ පොලිස් සාජන්වරයකු මුල් වී විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යාංශයට අනුබද්ධ විමර්ශන කණඩායම සමග කළ සාකච්ඡා අනුව පැමිණිල්ලේ සඳහන් පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම සඳහා එවැනි සිදුවීමකට මුහුණ දුන් පාර්ශ්වයක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිලි අංශය වෙත පැමිණිලි ලබා දෙන ලෙස අමාත්‍යවරයා දැනුම් දෙයි.

බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයකට හැර කිසිදු පාර්ශ්වයකට විදේශ රැකියා සඳහා මුදල් ලබා ගැනීමට බලයක් නොමැති බව කී අමාත්‍යවරයා මෙම සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලි අනුව තරාතිරම නොබලා සැකකරුවන්ට එරෙහිව කටයුතු කරන බව ප්‍රකාශ කළේය.

“අපිට විදේශ රැකියා සම්බන්ධව මුදල් අයකරගැනීම් පිළිබඳව පැමිණිලි ලැබෙනව දිනපතාම. ඒ සම්බන්ධයෙන් තමයි සම්පූර්ණ විමර්ශන කණ්ඩායමක් ගෙනල්ලා, සාකච්ඡා කරලා මේකට අපි තීන්දු ගන්නේ. අපිට නිර්නාමික පැමිණිල්ලක් ඇවිල්ලා තියෙනවා, ඊශ්‍රායෙල් විදේශ රැකියා ලබා දෙන බවට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන්. අනුරාධපුරයට ආසන්න එක්තරා විහාරස්ථානයකට හයසියයක පමණ ප්‍රමාණයක් එහි විහාරාධිපති මැදිහත් වීමෙන් ගෙන්නලා, පොලිස් ස්ථානයක සාජන් මහත්මයෙක් මැදිහත් වෙලා, වෛද්‍ය වාර්තා අරගෙන, රුධිර වාර්තා අරගෙන, වෛද්‍ය පරීක්ෂණ කරනවා කියලා, මුදල් අය කර ගැනීමක් පිළිබඳව වාර්තා වෙනවා.

අපි හාමුදුරුවන්ගේ නමවත් පොලිස් ස්ථානයේ නමවත් එම ප්‍රදේශයේ නමවත් කියන්නේ නෑ. හැබැයි මේ වගේ සිද්ධියකට සම්බන්ධ වෙලා ඉන්නව නම් කවුරු හරි, මේ වගේ කිසියම් පුද්ගලයෙකුට මුදල් ලබා දී තියෙන කෙනෙක් ඉන්නව නම් ඉතා ඉක්මනින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණ, පැමිණිලි ලබා දෙන්න. ඔහුගේ තරාතිරම, මොනව කරන කෙනෙක්ද, කවුද, කාට සම්බන්ධ කෙනෙක්ද කියලා කිසිදු ප්‍රශ්නයක් නෑ. බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනයක් හැර කිසිම ආයතනයකට මුදල් ලබා ගැනීමේ බලයක් නෑ. ඕනෑම කෙනෙක් විදේශගත වීම් සඳහා මුදල් ලබාගෙන තියෙනවා නම් වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා, අපේ විමර්ශන අංශය පැමිණිලි බාර දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. කිසිම ආකාරයකින් කිසිදු විදේශ රැකියාවක් සඳහා යෑමට කිසිදු බාහිර පාර්ශ්වයකට මුදල් ගෙවිය යුතු වන්නේ නෑ. මේ වගේ මුදල් ගෙවා තියෙන කිසියම් කෙනෙක් ඉන්නව නම් ඒ පැමිණිල්ල කරන්න ඉතා ඉක්මනින් එන්න. මේ පැමිණිලි ඉතාම අත්‍යාවශ්‍යයි. මේ පිළිබඳව අත්අඩංගුවට ගැනීම සඳහා.

මේ පිළිබඳව අනුරාධපුරය ආශ්‍රිතව පාර්ශ්වයන්ගෙන් නොයෙක් නොයෙක් ආකාරයෙන් තොරතුරු වාර්තා වුණා. නමුත්, ඒ සඳහා නිසි පැමිණිලි අපිට ලැබිලා නෑ. ඒ නිසා නිසි පැමිණිලි ඉතා ඉක්මනින් අවශ්‍ය වෙනවා. පුද්ගල තරාතිරම මොකක් වුණත් මේ වගේ වංචාවකට අහු වෙලා තියෙනවා නම් කරුණාකර විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඇවිල්ලා, පැමිණිලි කරන්න.” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

14 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

15 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago