දේශීය

රුපියල ශක්තිමත් වෙනකොට කඩාකප්පල්කාරීන් ඒකට විරුද්ධ මතවාද හදන්න උත්සාහ ගන්නවා – ඇමති මනූෂ

රට බේරා ගැනිමට පැමිණෙන බවට පුරසාරම් දොඩන පිරිස එදා තරුණයින් හැටදහසකට දිවි අහිමි කළා සේම වර්තමාන තරුණ ප්‍රජාව විදේශ රැකියා අවස්ථාවලට යොමුවීමට බාධා කරමින් එදා සිදු කළ විනාශය අදත් සිදුකරමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී අද (19) දින පැවති ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා තෝරාගත් පිරිස වෙනුවෙන් සංවිධානය කළ ප්‍රථම පුහුණ වැඩසටහනට එක් වූ අවස්ථාවේදීය.

file

මෙම වැඩසටහන මගින් ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා වලට යොමුවන පිරිස් හට නේවාසික පුහුණුවක් මෙන්ම ආකල්ප වර්ධනය කිරීමක්ද සිදුකිරීමට අපෙක්ෂිතයි. මෙහිදී අභියෝග වලට මුහුණ දෙමින් සාර්ථකව සිය රැකියාව කිරීමටත් මෙරටට පැමිණි පසු ව්‍යවසායකයෙකු වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය පුහුණුවද ලබාදීමට නියමිතයි.
මෙම අවස්ථාවට උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ සිරි සමන්තභද්‍ර නායක ස්වාමීන් වහස්සේද ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළුව පුහුණුවට එක්වන පළමු කණ්ඩායේම සමාජිකයින් එක්ව සිටියහ.
මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහසක් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

file

අපි උමන්දාවට ආපු පළමු දවසේම මෙතන පුහුණු වීම් මධ්‍යස්ථානයක් ඇති කරන්න කියලා තීරණය කළා.මෙතනදී කෘෂි කාර්මාන්තය, ඉදිකිරීම් පුහුණුවීම ලබාදීම නෙමෙයි අපගේ මූලික අරමුණ වන්නේ.

මෙතැනදී මූලික අරමුණ වෙන්නේ ජීවිතය ඉගැන්වීමයි. රටේ කෘෂි කාර්මාන්තය පුහුණ කරන්න ආයතන ඕනෑ තරම් තියෙනවා. ඒ වුනාට ජීවිතය ඉගෙන ගන්න පුළුවන් තැන් නැහැ.
මිනිස්සු හදන්න නම්, ඒ සඳහා තියෙන තැන උමංදාව කියලා අපි තීරණය කළා. ඊට අවශ්‍ය විනයානුකූල පරිසරය, මානසික ශක්තිය දෙන්න පුළුවන් අනුශාසකත්වය මෙතැන තියෙනවා.
මෙතැන කෘෂි කාර්මාන්තය නවීකරණය කරලා තියෙන ආකාරය පිළිබඳව අත් දැකීම දැක ගන්න හැකියාව තියෙනවා. විශාල පරාසක විසිරුණු දැණුමක් මෙහිදී එකතු කරගන්න හැකියාව ලැබෙනවා.

අපි ඊශ්‍රායලයට වගේම තවත් රටවල් රැසකට තරුණ තරුණියන්ව යොමු කරනවා. ඒ පිරිස රට ගිහින් ඇවිල්ලා නිකම් සල්ලි ටිකක් අරන් ඇවිත් කඩා වැටෙන පිරිසක් නොකර ඒ අය ජීවිතය දිනන පිරිසක් බවට පත් කරන්න අවශ්‍ය කරන පරිසරය හැදීමටයි අපිට අවශ්‍ය වුනේ. ඒ වැඩසටහන තමයි අපි අද ආරම්භ කරන්නේ.

මේක සමාජ ප්‍රගමනයක ආරම්භයක්. ව්‍යවසාකයින්ගෙන් පිරුණු, මේ භූමියට ආදරය කරන මිනිසුන් ඉන්න රටක් බවට පත් කරන වැඩසටහනේ ආරම්ය තමයි අද දිනයේදී උමංදාවෙන් සිදුවෙන්නේ. මේ සඳහා පූර්ණ අනුග්‍රහය දෙමින් අපිව දිරිගන්වන සමන්ත භද්‍ර හිමියන්ට ස්තූතිය පුදකරනවා.

මේ රටේ තාරුණ්‍ය පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳව, බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ අධ්‍යාපනයෙන් බිහි කරන්නේ හිතන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. අපේ අධ්‍යාපනයෙන් හිතන්න බැරි මිනිස්සු ටිකක් හදලා, ඊට පස්සේ උසස් අධ්‍යාපනයෙනුත් ඒ වගේම කටපාඩම් කරන පිරිසක් බිහිකරනවා. ඒවගේම මාධ්‍ය විසිනුත් පරිකල්පන ශක්තියක් නැති නිකම් පාවෙන මිනිස්සු ටිකක් බිහිකරන අවස්ථාවක අපිට පුළුවන් තැනින් මිනිසුන් වෙනස් කරන්න කටයුතු කරනවා. ඒ අනුව වෙනස් වෙලා, මේ රට ගොඩනගන්න ජාතියක් විදිහට ජයග්‍රාහී ගමනක් යන්නයි අපි අද මුල පුරන්නේ.
රටේ ශ්‍රමිකයින් විදේශ රටවලට යවන්න එපා කියලා විවිධ තර්ක තියෙන අවස්ථාවක මේක ජාතික වගකීමක් විදිහට සලකලයි අපි කටයුතු කරන්නේ. පහුගිය කාලයේදී අපි ඇමරිකානු ඩොලර් බිලියන 10ක මුලක් විදේශ ප්‍රේෂණ විදහට මෙරටට ගෙන එන්න සමත් වුනා.

රටට අවශ්‍ය කරන තෙල් ටික, ගෑස් ටික ගන්න හයියක් වුනා. ඒත් තවත් පිරිසක් විදේශ ශ්‍රමිකයින්ට සල්ලි එවන්න එපා කියලා කිව්වා. ඒකෙන් වැටුනේ, පෝලිම් වළ මරුණේ අපේම ජනතාවයි. ඒ අයට නම් යාලුවෝ හරි දෙනවා නමුත් රටේ සමාන්‍ය ජනතාවට එහෙම දෙන්න කවුරුවත් නැහැ. ඉතින් එහෙම තිබුණ තත්ත්වයක් අපි වෙනස් කළා. රට වෙනස් කරන ජාතික වගකීම වෙනුවෙනුයි අද අපි මෙතැනට පැමිණ තියෙන්නේ.

මම අද දැක්කා මේ තරුණ තරුණියෝ රට යන එකට විශාල විරෝධතාවයක් තියෙනවා. මාතරදී තිබුණ රැලියකදී කිව්වා තරුණ තරුණියෝ රට යවන්න එපා කියලා. හදුන්නෙත්ති සහ චතුරංග කියල අලුත් හාදයෙක් කිව්වා තරුණයින් රට යවන්න එපා කියලා.
රටක තිබෙන්න ඕනේ නිෂ්පාදන ආර්ථිකයක්ලු ඉතින් ඒකට තරුණයින් රට පටවලා හරියනවද කියලා මේ අය කියනවා. හැබැයි නිෂ්පාදන ආර්ථිකයක් එක රැයෙන් හදා ගන්න පුළුවන්ද? ඩොලර් ටික ගෙන්ව ගන්න මොකක්ද කළයුතු වන්නේ?

අද මේ අය බලාගෙනම ඉන්නේ රටට කරදයක් වෙනකම්. ගමේ ඉන්න කුහකම සෙට් එක කිසිම කෙනෙක් දියුණුවෙන එකට කැමති නැහැ. වංචනිකයින්ට රට යවනවා කියලා කියන බොරුවලට අහුවෙන්න එපා කියලා කොච්චර කිව්වත් අපේ මිනිස්සු ඒ වංචනිකයින්ට අහුවෙනවා. ඊශ්‍රායලයෙන් ඉන්න කෙනෙක් මොනව හරි කිව්වාම අපේ අය ලේසියෙන්ම අහුවෙනවා.
ඇත්තටම රට බේරගන්න ඉදිරිපත් වෙනවා කියලා කියන ලක් අම්මාම තමයි රට යවනවා කියලා විශාල වශයෙන් සල්ලි ගත්තෙත්.

ඒ වගේම අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයෙක් තරුණයින් එකතු කරගෙන මියන්මාරයට ගෙනහිල්ලා ක්‍රෙඩිට් කාඩ් වංචා වලට පාවිච්චි කරලා තියෙනවා. ඒ අයව ඊයේ ලංකාවට ගෙන එන්න කටයුතු කළා.

රට බේරගන්නවා කියන අයමයි ජනතාව අමාරුවේ දාන්නේ. මේ අය ඉන්දියාවට විරුද්ධ වෙලා බොම්බයි ලූණු එපා කියලා, හැට දහයක් තරුණයින් මැරුවෙත් මේ විදිහටයි. අද රට යන්න එපා කියලා තරුණයින්ව වලපල්ලට දාලා එදා කරපු දේම තමයි අදත් කරන්නේ.
ජනාධිපතිවරයා මට සල්ලි වෙන් කරලා දුන්නා, රුපියල් බිලියන එකහාමාරක්, හෝටල් ක්ෂේත්‍රයේ, සාත්තු සේවා, සඳහා විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබා දෙන්න. ඊට ලියාපදිංචි වෙන අයට ඒ පුහුණුව ලබාදෙන්න අපි කටයුතු කරනවා.

ඊශ්‍රායලය අපිත් එක්ක තියෙන ගණුදෙනු වල කිසිම වෙනසක් නැහැ. එහිදී අපි ඉරානය එක්ක තියෙන ගණුදෙන වලත් කිසිවක් වෙනස් කරන්නේ නැහැ. අපි නොබැදි රාජ්‍යයක්.
අපි ඊශ්‍රායල එකක් තියෙන රැකියා ගණුදෙනුව මොන විදිහකින්වත් නතර කරන්නේ නැහැ. ඉදිරියේදී ක්ෂේත්‍ර රැසකට ශ්‍රී ලංකිකයින් යොමු කරන්න අපි කටයුතු කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ මගේ නිල සමාජ මාධ්‍ය ගිණුමේ තියෙන තොරතුරු විතරක් විශ්වාස කරන්න.

දැන් රුපියල ශක්තිමත් වෙනකොට සල්ලි එවන්නේ නැතිව ඉන්න මත හදනවා. ඒත් සල්ලි එව්වොත් බඩු මිල අඩුවෙනවා. හැබැයි මතවාද හදන අය කියනවා සල්ලි එවන්න එපා කියලා. සල්ලි එවන ප්‍රමාණය මත තමයි රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඒ නිසා මම කියනවා සල්ලි එවන්න. එවිට ඔබටමයි යහපතක් වෙන්නේ.

file
file

Recent Posts

ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි.-ජනපති

ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…

23 hours ago

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…

23 hours ago

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

3 days ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

5 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

5 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

5 days ago