දේශීය

උණු කැවුම් වගේ සමාජ මාධ්‍යයේ ගිය රයිනි – යොහානි අවුලේ වෙච්ච සිද්ධිය රයිනි හෙළිකරයි

රූපවාහිනි නාලිකාවක අවුරුදු වැඩසටහනකදී නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා කළ ප්‍රකාශයට තමන් උපහාසාත්මක ප්‍රතිචාරයක් දැක් වූ බව කියන වීඩියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි වාරුකා අදහස් දක්වා සිටිනවා.

ඒ සිය ෆේස්බූක් ගිණුමේ හි දීර්ඝ සටහනක් තබමින්.

අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම වැඩසටහන (COPY CHAT) හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය කෙරුණා.

ඊට යොහානි රයිනි ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටි අතර එහිදී නිවේදිකාව යොහානි ගුණතිලකගෙන් ඇසූ ප්‍රශ්නයකට රයිනි වාරුකා සිනහමුසු ප්‍රතිචාරයක් දක්වන ආකාරය එම වීඩියෝවේ සටහන්ව තිබුණා.

නිවේදිකාව

ගොඩක් කාලෙකින් තමයි ලංකාවේ අලුත් අවුරුද්දට ඉන්නේ.. කොහොමද ඔයාට ඒක දැනෙන්නේ..?

යොහානි

ලොකු සතුටක්, මං කරන්න ආසම දෙයක් තියෙනවා.අවුරුද්ද ලැබුවම,ඒ තමයි කිරි ඉතිරුවට පස්සේ..ඒකෙන් තේ හදලා බොන එක.. මට ගිය පාර ඒක කරන්න බැරි වුණා.

file
file

වීඩියෝව >> https://fb.watch/rwq0uhraKM/

සමාජ මාධ්‍යයේ කතා බහට ලක් වූ එම විඩියෝව සම්බන්ධයෙන් රයිනි වාරුකා තබා ඇති සටහන පහතින්.

උපුටා ගැනීම..

media’s අපිව ගෙන්න ගන්නේ මොනවහරි reach එකක් ඒගොල්ලන්ට ගන්න. අපිත් යන්නේ එකට තමයි. අපි හැමෝම දන්නවා marketing වලට negative & positive marketing කියල දෙකක් තියෙනවා. ඒකත් එක්ක අපිත් බලාපොරොත්තුවන reach එකක් තියෙනවා.
මේ video එක trending වෙනකොට හැමෝම comment කරනකොට මම ඇත්තටම සතුටින් හිටියා. එදා ඒ show එකට අපිව ගෙන්නගත්තට ඒ media එකටත් අපිටත් reach එකක් හම්බුන නිසා.ඒකයි මම ඒක වෙන්න දීලා සද්ද නැතුව හිටියේ.
හැබැයි මමත් දැං කතාකරන්න ඕනේ වෙලාව ඇවිල්ලා මම හිතන්නේ.
මම Yohani වගේ තමන්ගේම hardwork වලින් field එකට ආපු කෙනෙක් නෙමෙයි. එහෙම එන අයට මම දෙන respect එක වෙනස්. මොකද මම මගේ අම්මා තාත්තා නිසා ලේසියෙන් මේ industry එකට ආපු කෙනෙක්.
දැං මම මේ field එකේ අවුරුදු 15ක් තිස්සේ ඉන්නවා. මම කොයි වෙලාවක හරි තනියෙන් hard work කරලා ආපු තවත් කෙනෙකුට disrespect කරලා නම්, මම වගේ ලේසියෙන් ආපු කෙනෙක්ට දෙවියෝ මෙච්චර අවුරුදු ගානක් මෙහෙම ඉන්න දෙන්නේ නෑ.
ඕගොල්ලෝ Tv එකේ දකින හැමදේම විශ්වාස කරනවාද ? මේක Live show එකකුත් නෙමෙයි. ඔයාලා මේ බලන edit එකේ මම වෙනත් දෙයකට දුන්න reaction එකක් මෙතනට edit in කරල නම් ?
අන්න එහෙම තමයි media’s වැඩ කරන්නේ. ඒවට තමයි ඔයාලත් කැමති. ඕගොල්ලෝ හැමදාම බලන artistsල එන talk shows වල එහෙම තමයි වෙන්නේ. එහෙම කියලා මම media’s වලට බනින්න යන මොඩයෙකුත් නෙවෙයි.
Yohaniත් මමයි හොඳ friendship එකක් තියෙන artistsල දෙන්නෙක්. මමත් Yohaniගෙ achievements share කරලා, ඒවාට comment කරලා තියෙනවා as a proud Sri Lankan citizen.
මේකත් මම share කරන්න හිතුවේ මේ video එකට වැටිලා තියෙන සමහර හිත රිදෙන වචන නිසා.
දැන් ඔයාලා මගෙන් අහුව්වොත් මෙතනින් එහාට මම මේ වගේ tv shows වලට ගියොත් මීට වඩා පරිස්සමෙන් ඉන්නවා ද කියල… ? ඒත් නෑ. මම මම විදිහටමයි ඉන්නේ, හැමදාම හිටියෙත්. ඒවා Tv එකේ දාන විදිහට තමයි දාන්නෙත්. ඒක අපේ control එකේ නෑ.
හැබැයි, එකම එක දෙයක් අපේ මිනිස්සු තේරුම ගන්න ඕනේ. ඒ තමයි… එක artist කෙනෙක් තවත් artist කෙනෙක්ව පල්ලෙහාට දාන්න ඕනේ නම්, ඒ කෙනා ඒක media එකට පෙන්න එළිපිට කරන්නේ නෑ. ඕගොල්ලෝ කාටවත් පේන්න ඒ දේවල් කරන්නේ නෑ. ඒ වගේ මිනිස්සු media’s වලට ඇවිල්ල ඔයාලට පෙන්නන්නේ ලොකු යාලුකමක්. එච්චරයි. ????????
හැමෝට ආදරෙයි

file

උපුටා ගැනීම අවසන්..

Recent Posts

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

1 day ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

3 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

3 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

3 days ago

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත්…

3 days ago

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

4 days ago