file
කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී
දේහය බිරියට භාර දෙයි – අවසන් කටයුතු හෙට
හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.
ඇමැතිවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය. හිටපු ඇමැතිවරයාගේ බිරිය වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනා ගන්නා ලදි.
අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඇමැතිවරයා අනතුරට ලක්වූ ස්ථානය නිරීක්ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙණිය මහත්මිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරන ලදි.
හිටපු ඇමැතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂණ රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ මෘත දේහය ඇමැතිවරයාගේ බිරිය වෙත භාර දීමෙන් පසු කළුතර මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු විසින්ම සකස් කරන ලද සොහොනේදී හෙට (19) සිදු කිරීමට නියමිතය. තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩු මිල මීනි පෙට්ටියක් භාවිත කර පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට දැනුම් දී තිබිණි. ඔහුගේ අවසන් කැමැත්ත සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් තවමත් එකඟතාවකට පැමිණ නැතැයි ඔහුගේ ඥාති සහෝදරයෙක් මාධ්‍යයට පැවසීය.
:දිනමිණ – සුභාෂිණී සේනානායක
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…