file
කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී
දේහය බිරියට භාර දෙයි – අවසන් කටයුතු හෙට
හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.
ඇමැතිවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එම්. ටී. බී. ගුණතිලක මහතා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය. හිටපු ඇමැතිවරයාගේ බිරිය වන අමිතා නාලිංගනී අමරතුංග මහත්මිය විසින් කළුතර ශික්ෂණ රෝහලේදී මෘත දේහය හඳුනා ගන්නා ලදි.
අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ඇමැතිවරයා අනතුරට ලක්වූ ස්ථානය නිරීක්ෂණය කරන ලද අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙණිය මහත්මිය විසින් ද මෘත දේහය පරීක්ෂා කරන ලදි.
හිටපු ඇමැතිවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂණ රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30ට පමණ මෘත දේහය ඇමැතිවරයාගේ බිරිය වෙත භාර දීමෙන් පසු කළුතර මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහු විසින්ම සකස් කරන ලද සොහොනේදී හෙට (19) සිදු කිරීමට නියමිතය. තමන් විසින් සකස් කරන ලද සොහොනේ අඩු මිල මීනි පෙට්ටියක් භාවිත කර පැය විසි හතරක් ඇතුළත අවසන් කටයුතු සිදු කරන ලෙස ඔහු ඥාතීන්ට දැනුම් දී තිබිණි. ඔහුගේ අවසන් කැමැත්ත සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් තවමත් එකඟතාවකට පැමිණ නැතැයි ඔහුගේ ඥාති සහෝදරයෙක් මාධ්‍යයට පැවසීය.
:දිනමිණ – සුභාෂිණී සේනානායක
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…