file
අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු යි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා ඒ බව සඳහන් කර තිබෙනවා.
අද අලුයම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ රථ වාහන පරික්ෂාවකදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
යතුරු පැදියකින් පැමිණි අදාළ පුද්ගලයා පරික්ෂා කිරීමට යාමේදී ඔහු පොලිසිය දෙසට වෙඩි තැබීමට උත්සහ කළ බවත් එහිදී පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති බවත් වාර්තා වුණා.
අදාළ පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කරන අයෙක් බවයි පොලිසිය පැවසුවේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…