දේශීය

මදයාකඩ කන්දට කුණු දැමිල්ලෙන් ගම්මුන්ට ගෙවල් එපාවෙලා

නාන්න හා දිවරකටයුතු කල වැවත් ගම්මුන්ට අහිමි වෙලා බලධාරින්ට පැමිණිලි කලත් වැඩක් නෑ

කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවට අයත් බල ප්‍රදේශයේ එක්වන කැළි කසල හා අපද්‍රව්‍ය කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ ටැක්ටර් හා ලොරිරථ මගින් ගෙනවිත් කහටගස්දිගිලිය නගරයට නුදුරින් පිහිටා ඇති ඒම සභාවට අයත් බොරළු කදු මුදුනකට මුදා හැර තිබීම හෙතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙනවා .

කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව නගරයේ අපවිත්‍ර කැලිකසල අවිධිමත් ලෙස බැහැර කිරීමෙන්, ඒ අවට ජීවත්වන ජනතාවට පාරිසරික මෙන්ම සෞඛ්‍යාරක්ෂිත ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි රඹාවැව ගම්වැසියෝ පවසති.

කහටගස්දිගිලිය රඹෑවැව ගම්මානයේ මදයාකඩ හීන්න ගම්මානයේ පිහිටා තිබෙන බොරළු කන්දේ ස්ථාපිත කර ඇති කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව සතු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන නොයාම නිසා එහි අසල්වැසියන් දැඩි ලෙස සෞඛ්‍ය අනාරක්ෂිත තර්ජනයක් හා පාරිසරික ගැටළු රැසකින් පීඩාවට පත්ව ඇති බව එම ගම්මානයේ ජනතාව චෝදනා කරයි.

පවුල් හාරසියයකට ආසන්න ප්‍රමාණයක් අතීතයේ සිට ජලස්නානය කිරිම , මසුන් ඇල්ලීම හා කුඹුරු වගා සිදු කිරීම සිදු කරගනු ලබන මදයාකඩ වැවේ ජල පෝෂිත ඇල මාර්ගය හීන්න බොරළු කන්දෙන් ආරම්භ වෙන බව පෙන්වා දෙන මදයාකඩ හීන ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන අතර වසර ගණනාවක සිට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මගින් මෙම ප්‍රදේශයට ටැක්ටර් සහ බවුසර මගින් හින්න බොරළු කන්ද මතට බැහැර කරන ඝන අපද්‍රව්‍ය සහ ගලි මගින් ගෙනැවිත් දමන මළ අපද්‍රව්‍ය රඹෑවැව මදයාකඩ වැවෙහි පෝෂිත ඇළ මාර්ගය හරහා වැවට මුසුවීමෙන් ගම්වාසීන්ට වැව අතහැර දැමීමට සිදුව ඇති බව පෙන්වා දෙයි.

ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ ව්‍යාපෘතිය නමින් උතුරු මැද පළාත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියේ හා කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ මූල්‍යමය දායකත්වයෙන් විශාල මුදලක් වැය කොට මෙම ස්ථානයේ මිට වසර කිහිපයකට පෙර හීන්න බොරළු කන්දේ මෙලෙස ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණ ද , කලක් නිසි අයුරින් ක්‍රීයාත්මක වු ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ කටයුතු අතරමග නතර වී තිබීම හා නිසි ප්‍රමතියකින් තොරව ඝණ අපද්‍රව්‍ය මුදා හැරිම මගින් මෙලෙස ඉහත ගම්මානයේ පවුල් 400 ආසන්න ප්‍රමානයක ජනතාවක් පත්ව ඇති ගැටළුව පිළිබද අවස්ථා ගණනාවක් අදාල අංශයන් දැනුවත් කලද මේ දක්වා කිසිදු ක්‍රියාදාමයක් සිදු කොට තම ගැටළුවට ස්ථිරසාර විසදුමක් සිදු නොකල බව පෙන්වා දෙන කුණු ගැටළුවෙන් පිඩාවට පත් ජනතාව පවසන්නේ වෙනත් කරන්න කියන්න දෙයක් නොමැතිව සිටින අවස්ථාවේ තමන් පත්ව ඇති තත්වය පිළිබද මාධ්‍ය හරා රටේ වගකිවයුතු බළධාරින්ගේ අවධානයට යොමු කිරිම සදහා මාධ්‍ය වෙත ආරාධනා කර ආධාල මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටින අතර වාරයේ ඒ් පිළිබද දැනුවත්වු කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ නිළධාරින් සභාව සතු ජේ.සී.බී යත්‍රයක් දෙනවිත් ගලී බවුසර් වලින් ගෙනවිත් දමා තිබු මල අපද්‍රව්‍ය පස් දමා වසා දැමු බවයි.

මේ වන විට කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාව මගින් ආරම්භකල ඝණ අපද්‍රව්‍ය කලමණාකරණ සමස්ත ව්‍යාපෘතිය ම සුදු අලියෙක් බවට පත්වෙද්දී , ප්‍රදේශයේ පවතින රක්ෂිතවලින් පැමිණෙනවා අලි හා රිලව් වදුරන් හා කපුටන් වැනි සතුන් කුණුවලට පුරුදු වී ඇති සුනකයින් ඒම ස්ථානයට පැමිණ කුණු ආහාරයට ගැණිම සිදුව වන බවත් ,සුණකයින් හා කපුටන් ආහාරයට ගන්නාවු අපද්‍රව්‍ය කොටස් කුණු කන්දට නුදුරින් පිහිටා ඇති නිවාස වල ලිං වලට මුදා හැරිමද මෙම ජනතාව තවත් හිරිහැරයක් ව පවතින බව ජනතාව කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවට චෝදනා කරන අතර ප්‍රාදේශීය සභාව මගින් කිසිදු කළමනාකාරිත්වයකින් තොරව ගෙනැවිත් දමන අපද්‍රව්‍ය රිලවුන් හා සුනකයින් ආහාරයට ගන්නා අයුරු එහි අප කැමරා කාචයේ සටහන්විය.

වන අලින්ට අමතරව සුනඛයන්, රිලවුන් වඳුරන් සහ වෙනත් වන සතුන් ආහාරයට ගන්නා අතර වටිනා සත්ව ජීවිත වලට මෙය දැඩි තර්ජනයක් එල්ල විය හැකි බව හා කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවට අයත් බල ප්‍රදේශයේ එක්වන කැළි කසල හා අපද්‍රව්‍ය කහටගස්දිගිලිය ප්‍රදේශිය සභාවේ ටැක්ටර් හා ලොරිරථ මගින් ගෙනවිත් කහටගස්දිගිලිය නගරයට නුදුරින් පිහිටා ඇති ඒම සභාවට අයත් බොරළු කදු මුදුනකට මුදා හැර තිබීම හෙතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි පිඩාවකට පත්ව තිබෙන බවට ගම්වාසින් නගන චෝදනාව පිළිබද මධ්‍යම පරිසර අධිකාරියට හා ඒ හා සම්බන්දව ඇති ආයතන ගණනාවකට ලිඛිතව හා වාචිකව පැමිණිලි කර ඇති අතර ඒ හා සම්බන්ධයෙන් ආරම්භ කල පරික්ෂණයන් නිසි ක්‍රමවේදයකින් තොර බවද ජනතාව චෝදනා කරති.

වසර ගණනාවක් ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල කෙරෙන හින්න බොරළු ක්නදේ පවතින කුණු කන්ද හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පසුගිය කාලය පුරාවට ලිඛිතව සහ වාචිකව තමන්ට පැණනැගී ඇති සාමාජික , ආර්ථික , පාරිසරික වශයෙන් ඇති ගැටලුව පිළිබඳ බලධාරීන් දැනුවත් කළත් මේ දක්වා කිසිදු නිසි ප්‍රතිචාරයක් නොලැබුණු ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, කඩිනමින් මෙම කුණු ගඳ ගසන ප්‍රශ්නයට විසදුමක් ලබා දී ප්‍රදේශවාසීන්ට හා වනසතුන්ගේ ජීවිත වලට සෘජුව හා වක්‍රව එල්ල වන බලපෑම නවතා දෙන ලෙසටයි.

Recent Posts

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…

1 day ago

අතිරේක කාලයේ ගෝලයෙන් ආර්ජන්ටිනාව පරදා ස්පාඤ්ඤය ලෝක කුසලානය දිනයි

නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…

3 days ago

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ…

3 days ago

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි. – අගමැතිනිය

file සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත…

3 days ago

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත්…

3 days ago

දෙස් විදෙස් සංචාරක පහසුකම් නංවන පොළොන්නරුව “පැරකුම් ලෙගසි” ව්‍යාපෘතියේ වැඩ ඇරඹේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඇතුමල්පිටිය සහ මුණියන්ඩි ග්‍රාම නිලධාරී වසම් සංචාරක ගම්මාන…

4 days ago