දේශීය

විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10 ඉක්මවයි

මාර්තු මාසයේදී ඩොලර් මිලියන 572.4 ක් එවලා

මුල් මාස තුනේදී පමණක් ඩොලර් බිලියන 1.53 ක් එවලා

විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යධූරය ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබේ.

විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53 ක මෙරටට එවා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහල යාමකි.

අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගත් 2022 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 10,263.8 ක මුදලක් මෙරටට එවා තිබේ. ඩොලර් බිලියන 10.26 ක් වන එම විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දිරි දීම් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේ විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂ ද්වාරයක් හදුන්වා දීම වැනි පියවර ගෙන තිබේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago