මාර්තු මාසයේදී ඩොලර් මිලියන 572.4 ක් එවලා
මුල් මාස තුනේදී පමණක් ඩොලර් බිලියන 1.53 ක් එවලා
විදේශගත ශ්‍රමිකයින් මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572.4 ක මුදලක් මෙරටට එවා ඇති අතර, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යධූරය ලබාගැනීමෙන් පසුව විදේශගත ශ්‍රමිකයින් එවූ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා තිබේ.
විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස තුන තුළදී පමණක් ඩොලර් බිලියන 1.53 ක මෙරටට එවා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.7 ක ඉහල යාමකි.
අමාත්‍යවරයා, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් වැඩ භාරගත් 2022 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා විදේශගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 10,263.8 ක මුදලක් මෙරටට එවා තිබේ. ඩොලර් බිලියන 10.26 ක් වන එම විදේශ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම සදහා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දිරි දීම් රැසක් ක්‍රියාත්මක කර තිබුණි.
නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම, මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දීම, හෝප් ගේට් නමින් ගුවන්තොටුපොලේ විදේශගත ශ්‍රමිකයින් සදහා වන විශේෂ ද්වාරයක් හදුන්වා දීම වැනි පියවර ගෙන තිබේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…