Wednesday, July 22, 2026
Homeදේශීයකොන්ක්‍රීට් බොක්කුවක් ඇඟට පෙරළී පාසලක සිසුවෙක් මරුට

කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟට පෙරළී පාසලක සිසුවෙක් මරුට

පාසල් භූමියේ ගොඩගසා තිබූ කොන්ක්‍රීට් බෝක්කුවක් ඇඟ මතට පෙරළීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි එම පාසලේ 6 වසරේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි සිසුවෙක්.

අද පස්වරු 1.30ට පමණ සිසුවා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු සමග වැසිකිළිය වෙත යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

එම කොන්ක්‍රීට් බෝක්කුව ඇඟ මතට පෙරළීමෙන් සිසුවා වැසිකිළියේ බිත්තියට සිරවී බරපතළ තුවාල ලබා තිබෙනවා.

පසුව ගුරුවරුන් සහ අසල්වාසීන් එක්ව සිසුවා ගිලන් රථයකින් මස්කෙළිය ප්‍රදේශීය රෝහලට ඇතුළත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙලිය පොලීසිය විසින් විමර්ශන සිදුකරනවා.

READ:   ලංකාවට පිස්සුද? වික්ටර් අයිවන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්