කාන්තා හිංසනය ගැන කාන්තා කාර්ය අංශයට කළ පැමිණිල්ල වසන් කර ඇති බව පවසමින් මගෙන් රටට සංවිධානය විසින් ඊයේ (29) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පහරදීමක් සහ කාන්තාවකට සිදුවූ අතවරයක් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු සැඟවීම සහ පරීක්ෂණය නොමග යැවීම සම්බන්ධයෙන් මිරිහාන කාන්තා හා ළමා කාර්යාංශයට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කළ බවයි එම සංවිධානය පැවසුවේ.