දේශීය

යුගයේ විශාලම අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය මතුගමදී

කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය,ජනාධිපති ලේකම් කාර්යාලය මතුගම රාජ්‍ය ආයතන,මතුගම විවිධ සේවා සමූපකාර සමිතිය , ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන වසරේ දැවැන්ත ම අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය EMPO 2024 අප්‍රේල් මස 03 වන දින සිට 12 දින දක්වා මතුගම මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.

මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ටෙරී දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්,මහපොළ වෙළඳ සංගමයේ හිටපු සභාපති කුමුදු විදානපතිරන මහතාගේ සංවිධාන හා සම්බන්ධීකරණ ශක්තියෙන්, ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ මාධ්‍ය හා සේවා සම්බන්ධීකරණයෙන් මෙම අධ්‍යාපන වෙලද ප්‍රදර්ශනය හා සැණකෙළිය කලුතර දිස්ත්‍රික් ජනතාවට අත්විදීමේ අවස්ථාව උදාකර ඇත්තේ රාජ්‍ය ආයතන රැසක මඟපෙන්වීම යටතේයි.

සමාජ සුබ සාධන කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතාගේ මග පෙන්වීමෙන්,රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂක ,අධ්‍යාපන ,කම්කරු හා රැකී රක්ෂා, ඉඩම්,ධීවර හා ජලජ සම්පත්,කෘෂිකර්ම ඇතුලු අමාත්‍යංශ රැසක ජංගම සේවා මෙම ප්‍රදර්ශන භූමියේදී මහජනතාවට නොමිලයේ ලබා ගැනීමටද අවස්ථාව හිමිවනවා.

ප්‍රදර්ශන කුටි,වෙළඳ කුටි,කානිවල් විශේෂාංග,DJ සංගීතය,ත්‍රාසජනක ක්‍රීඩා, දිව පිනවන ආහාර ෆුඩ් ෆෙස්ටිවල් සමඟ විනෝදාංශ රැසක් ද ක්‍රියාත්මකයි.

ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්,පොලිස් අශ්වාරෝහක සංදර්ශන, පොලිස් නිල සුනඛ සංදර්ශන ඇතුලු විශේෂාංග රැසකින්ද ප්‍රදර්ශනය අලංකාරවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.

දිනපතා රාත්‍රී පහන් වනතුරු දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් රැසක් සමඟ යුගයේ ආකර්ෂණීයම ගී තරු, නර්ථන කණ්ඩායම් පිරිවරා ගත් සංගීත ප්‍රසංග ද මෙම දින දහය පුරාවට ක්‍රියාත්මකයි.

මෙහි පළමු දින 03 දිවා රාත්‍රී ඇතුළුවීමට සියළුදෙනාටම නොමිලයේ අවස්ථාව හිමි වන අතර අවුරුදු 12 දක්වා පාසල් දරුවන්ට අනෙකුත් දිනවල දී ද දිවා රාත්‍රී නොමිලයේ ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා.

…………………………………….

file
file
file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago