file
කාන්තා හා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය,ජනාධිපති ලේකම් කාර්යාලය මතුගම රාජ්‍ය ආයතන,මතුගම විවිධ සේවා සමූපකාර සමිතිය , ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම එක්ව සංවිධානය කරන වසරේ දැවැන්ත ම අධ්‍යාපන, වෙළඳ ප්‍රදර්ශනය හා සැණකෙළිය EMPO 2024 අප්‍රේල් මස 03 වන දින සිට 12 දින දක්වා මතුගම මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.
මතුගම විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති ටෙරී දිසානායක මහතාගේ මෙහෙයවීමෙන්,මහපොළ වෙළඳ සංගමයේ හිටපු සභාපති කුමුදු විදානපතිරන මහතාගේ සංවිධාන හා සම්බන්ධීකරණ ශක්තියෙන්, ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනමේ මාධ්‍ය හා සේවා සම්බන්ධීකරණයෙන් මෙම අධ්‍යාපන වෙලද ප්‍රදර්ශනය හා සැණකෙළිය කලුතර දිස්ත්‍රික් ජනතාවට අත්විදීමේ අවස්ථාව උදාකර ඇත්තේ රාජ්‍ය ආයතන රැසක මඟපෙන්වීම යටතේයි.
සමාජ සුබ සාධන කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතාගේ මග පෙන්වීමෙන්,රාජ්‍ය ආරක්ෂක,මහජන ආරක්ෂක ,අධ්‍යාපන ,කම්කරු හා රැකී රක්ෂා, ඉඩම්,ධීවර හා ජලජ සම්පත්,කෘෂිකර්ම ඇතුලු අමාත්‍යංශ රැසක ජංගම සේවා මෙම ප්‍රදර්ශන භූමියේදී මහජනතාවට නොමිලයේ ලබා ගැනීමටද අවස්ථාව හිමිවනවා.
ප්‍රදර්ශන කුටි,වෙළඳ කුටි,කානිවල් විශේෂාංග,DJ සංගීතය,ත්‍රාසජනක ක්‍රීඩා, දිව පිනවන ආහාර ෆුඩ් ෆෙස්ටිවල් සමඟ විනෝදාංශ රැසක් ද ක්‍රියාත්මකයි.
ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්,පොලිස් අශ්වාරෝහක සංදර්ශන, පොලිස් නිල සුනඛ සංදර්ශන ඇතුලු විශේෂාංග රැසකින්ද ප්‍රදර්ශනය අලංකාරවත් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා.
දිනපතා රාත්‍රී පහන් වනතුරු දිවයිනේ ජනප්‍රියම සංගීත කණ්ඩායම් රැසක් සමඟ යුගයේ ආකර්ෂණීයම ගී තරු, නර්ථන කණ්ඩායම් පිරිවරා ගත් සංගීත ප්‍රසංග ද මෙම දින දහය පුරාවට ක්‍රියාත්මකයි.
මෙහි පළමු දින 03 දිවා රාත්‍රී ඇතුළුවීමට සියළුදෙනාටම නොමිලයේ අවස්ථාව හිමි වන අතර අවුරුදු 12 දක්වා පාසල් දරුවන්ට අනෙකුත් දිනවල දී ද දිවා රාත්‍රී නොමිලයේ ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා.
…………………………………….
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…