Friday, June 19, 2026
Homeක්‍රීඩාවනිඳු හසරංගට යළි ICC තරග තහනමක්

වනිඳු හසරංගට යළි ICC තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ට යළිත් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති උල්ලංඝනය කර ඇති බව පවසමින්.

දෙරට අතර පැවති අවසන් එක්දින තරඟයේ දී විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් වනිඳු හසරංගට මෙලෙස තරග දෙකක තහනමක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 37 වැනි පන්දුවාරයේදී වනිඳු හසරංග, විනිසුරුවරයෙකුගෙන් තම හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුවී ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙනවා.

READ:   ඇෆ්ගනිස්ථානයට ලකුණු 292ක ඉලක්කයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්