Monday, April 20, 2026
Homeදේශීයකෘත්‍රීම බුද්ධිය (AI) පාසල් අධ්‍යාපනයට එක් කරන ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට්...

කෘත්‍රීම බුද්ධිය (AI) පාසල් අධ්‍යාපනයට එක් කරන ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අත්සන් තබයි

08 වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමඟ කෘත්‍රීම බුද්ධිය (AI) හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අධ්‍යාපන අමාත්‍යාංශය සහ මයික්‍රසොෆ්ට් සමාගම අතර අත්සන් තැබීම ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.

file

දිස්ත්‍රීක්ක 20ක් අතුරින් තෝරාගත් පාසල් 20ක 8 ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

file

ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බව ද මෙහිදී සඳහන් කෙරුණා.

මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රසොෆ්ට් කණ්ඩායමකගේ සහාය ලබා දීමට නියමිතයි.

මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මයික්‍රසොෆ්ට් සමාගමේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

file

එහිදී එම නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කර ඇත්තේ කෘත්‍රීම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පුර්ණ සහාය ලබා දෙන බවයි.

file

මයික්‍රසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනීත් චන්දොක් (Mr. Puneet chandok) මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රි ලංකාව නව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙන යමින් කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන සහාය සහ මඟපෙන්වීම ඉතා අගය කරන බව ඒ මහතා සඳහන් කළා.

මෙම වැඩසටහන 2025 වසර තුළ පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී සඳහන් කළා.

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලි චන්ග් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර මෙම අවස්ථාව ශ්‍රී ලාංකීය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන් ජුලි චන්ග් මහත්මිය ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙස ද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

file

ශ්‍රී ලාංකීය ජනතාව සහ පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් ස්වෙච්ඡා කණ්ඩායම් මඟින් සහාය ලබා දෙන බව ද ජුලි චන්ග් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.

READ:   16 හැවිරිදි පාසල් සිසුවිය සමූහ දූෂණය කිරීමේ සිද්ධිය: සැකකරුවෙකු අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්