Thursday, April 23, 2026
Homeදේශීයසපුගස්කන්ද තෙල් පිරිපහදුව සංස්ථාවෙන් වෙන් කෙරේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංස්ථාවෙන් වෙන් කෙරේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ස්වාධීන වූ රජය සතු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව තෙල් පිරිපහදුවේ යටිතල පහසුකම් සංවර්ධන කර වත්මන් බලශක්ති මෙහෙයුම් අභියෝගයන්ට මුහුණ දිය හැකි ලෙස යාවත්කාලීන කිරීම සඳහා හැකියාව ඇති උපායමාර්ගික සුදුසු ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

එමෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ඉදිරියේ දී ත්‍රිකුණාමලයේ ප්‍රතිස්ථාපන කර ත්‍රිකුණාමලය තෙල් ටැංකි පරිශ්‍රයද සමග නවීන තාක්ෂණය සහ පහසුකම් සමඟ සංවර්ධන කිරීමට ද ඇති හැකියාව පිළිබඳව අධ්‍යයනය කර එම අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද තීරණය කර තිබෙනවා.

May be an image of oil refinery

file

READ:   පාලමකින් ඟගකට වැටී පුද්ගලයෙක් අතුරුදන් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්