සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (15) පැවැත්වීමට නියමිතයි.
ඒ බංග්ලාදේශයේ චිතගොන් හි දී.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වෙනවා.
තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ දෙරට අතර පැවති පළමු තරගය කඩුලු 06ක් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරගාවලියේ 1-0ක් ලෙස බංග්ලාදේශය ඉදිරියෙන් පසුවෙනවා.


