දේශීය

කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කළ හැකි වුණා – ඇමති මනූෂ

කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරාගැනීම හේතුවෙන් රටේ මූල්‍ය සංචිත ඉහළ දමා රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට වත්මන් රජය හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යා මනූෂ නානායක්කාර මහතා ඉකුත්දා (09) කුරුණෑගල වැහැර ක්‍රීඩාංගණයේදී පැවති අමාත්‍යාංශයේ ජනතා ජංගම සේවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රකාශ කළේය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 246කට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, පාසල් සිසුන් 364කට පාසල් උපකරණ සහ විගමණික ශ්‍රමික පවුල් 100කට රුපියල් සතොස මුදල් වවුචර් ලබා දීම මෙන්ම විගමණික පවුල් කිහිපයකට රුපියල් පනස්දහස බැගින් මූල්‍ය ප්‍රදාන සිදු කිරීම එහිදී සිදු කෙරිණි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.
“එවරස්ට් කියන්නේ ලෝකෙ උසම කන්ද. ඒ ගැන ඇහුවොත් මෙතන ඉන්න දරුවො කවුරුත් අත උස්සලා අපිට ඒ ගැන කියනවා. කුරුණෑගල තියෙන්නේ හස්තිමය ශෛල රාජයා – ඇතාගල. කන්දක් නගිනවා කියන්නේ කන්දක් කපනවා වගේම මහා විසාල අමාරු දෙයක්. මේ මහා විසාල එවරස්ට් කන්ද තරණය කරපු ලංකාවේ පළවෙනි කාන්තාව ලංකාවේ ජයන්ති කුරුඋතුම්පාල. ඇය මේ කුරුණෑගලට ඥාතීත්වය තියෙන, සීයා කුරුණෑගල වන ශක්තිමත් දිරියවන්ත ගැහැනියක්. ඇය මේ කන්ද තරණය කළේ නිකන්ම නෙමෙයි. අද දවසෙදි කුරුණෑගලට ඇවිත් ඇයගේ ශක්තිය ගැනත් ඊයේ කාන්තා දිනයත් සිහිපත් කරමින් කුරුණෑගල වනිතාවන්ට ඊයේ කාන්තා දිනය වෙනුවෙන් අපේ උපහාරය පුද කරනවා. ජයන්තිට ජයග්‍රහණය කරා යන්න ඇයට උදව් වුණේ මේ භූමිය. ජවය ලැබුවේ මේ භූමියෙන්, ස්මාට් විදිහට හිතන්න ජවය ලැබුණේ මේ භූමියෙන්. අද අපි ස්මාට් විදිහට හිතන්න 2048 දිනන ගමනට ස්මාට් වැඩ්ඩන් හොයන සම්ප්‍රාප්තියට තමයි අපි අද ඇතුගල්පුරයට ආවේ.
අපි අගාධයකට වැටිලා තියෙන රටක්. ජයන්තිට තිබුණ වීරිය ගොනු කරගත්තොත් අපිට රටක් විදිහට නැගී හිටින්න පුළුවන්. මේ වළෙන් ගොඩ ඇවිල්ලා ‘ජයගමු ශ්‍රී ලංකා’ කියන එක තේමාව කරගෙන අපි එකතුවෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඩොලර් එක හත්සීයට යනවා කියලා මේක කරන්න බෑ, කරන්න අමාරුයි කියල කතා කරන අය ඉන්නවා. රටේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් අපි ඉවර කළා. හැබැයි ඒ වෙලාවේ මේක කරන්න බෑ කියපු අය එහෙම කළේ මේ රටේ මිනිසුන් ගොඩගන්න නෙවෙයි. තමන්ගේ දේශපාලන වාසි නිසා. අපිට ඕන වුණේ මේ වෙලාවේ මිනිසුන් බේරාගැනීමේ අර්බුදය ක්‍රියාත්මක කරන්න. ඔවුන්ට තිබුණේ මිනිසුන් අමාරුවේ වැටිලා හිටපු එකෙන් ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාවය විතරයි. මේ අවදානම බාරගන්න කවුරුත් හිටියේ නෑ. විවේචනය කර කර, කෑ ගගහා ඉන්න අය එදා වගේම අදත් ඉන්නවා. අපි කයිවාරුව පැත්තකට තියලා හරි තැන, රටේ පැත්තේ හිටගත්තා. රට ගොඩනගන්න ඕන කියන තැනට එකතු වුණා. හැබැයි කයිවාරු ගහන අය ගම්වල බෝක්කුවල, පිල උඩ කයිවාරු ගහන අය ඉන්නවා. හැබැයි කවුරුත් පිළිගන්නේ වැඩ කරන අයව.
දැන් කයිවාරු ගහලා, එක මිටට කියලා රැස්වීම් තියලා මොකක්ද රටේ ජනතාවට දෙන්නේ? මොකක්ද දීලා තියෙන සහනය. එහෙම කයියනායකලාට රට ගොඩනගන්න බෑ. අපි අපේ ශක්තිය කුරුණෑගල ජයන්තිලා වැනි කාන්තාවන් සමග ගොඩනගන්නයි අපිට උවමනා කරන්නේ. අපි මේ විජයග්‍රාහී පුරවරයට ආවේ රට වටේ ගිහිල්ලා. අනුරාධපුරයට, ඌවට, කෑගල්ලට ගිහිල්ලා අපි අද ඇවිත් තියෙන්නේ ජයග්‍රහණය වෙනුවෙන් මේ පුරවරයේ සේනා සංවිධානය කරන්න. ලෝක ඉතිහාසයේ කිසිම අරගලයක් දවසකින් දෙකකින් වෙනස් වුණේ නෑ. ලෝක ඉතිහාසයේ අරගල තුනක් තියෙනවා. පළවෙනි එක ගින්දර සොයාගැනීම. දෙවැන්න කෘෂි විප්ලවය. තුන්වැන්න කර්මාන්ත විප්ලවය. ඒ නිසා තමයි අද වෙනකොට ස්මාට් ෆෝන් එක මිනිසුන්ගේ අතට එන සුහුරු යුගය ආවේ. මේ හැම එකටම වසර ලක්ෂ ගණන් ගියා. මේ අපි ක්‍රියාත්මක කරන්නේ මේ රටේ මිනිසුන් දිනවන විප්ලවයයි. මේ රටේ මිනිසුන් දිනන අරගලයයි. මීට අවුරුදු දෙකකට කලින් තිබුණ තැනින් කයිවාරුව වෙනුවට කෙරුවාව තෝරගෙන රට ගොඩනගන්න ඇවිත් ඉන්නවා. එවරස්ට් කන්ද තරණය කර ජයන්තිට ඇගේ මුතුන් මිත්තන්ට ඇතාගල තරණය කිරීමේ උරුමය තිබුණා. ඒ හැකියාව අවශ්‍යයි එවරස්ට් තරණය කරන්න. ඒ පළපුරුද්ද නැතිව හිමාලය කඳුවැටියේ ජයන්ති අසරණ වෙන්න තිබුණා. අපේ රටේත් ඒ පළපුරුද්ද එක්ක අපි ඉවසුවා, ශක්තිමත් වුණා. දැන් අපි කඳු මුදුනට නැග්ගා. ඒ සියල්ල කරලා ජනතාවට සහන දෙන්න පුළුවන් තැනට පුළුවන්කම අපිට තියෙනවා. අපිටත් තිබුණා ඒ දවස්වල කයිවාරු ගහලා ජනප්‍රිය කණ්ඩායමක් විදිහට ඉන්න. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වෙලා අපි ආරම්භ කළේ පොදු ජනතාව ජයග්‍රහණය කිරීමේ අරගලයයි. ඒ අරගලයේ ප්‍රතිඵල විදිහට ඩොලර් එවන්න එපා කියද්දි එතනින් ගොඩ එන්න මෙතන දරුවන්ගේ අම්මලා තාත්තලා ඩොලර් බිලියන 9.6ක් මේ රටට එවීම තමයි විප්ලවය. මේ විදේශ සේවා බලපත්‍රලාභීන් ඒකට හයිය දුන්නා. ඒකට අරමුදලුත් ලංකාවට ගෙනවිත් අපේ සංචිතය වැඩි කළා. එහෙම කරලා තමයි ගිය අවුරුද්දේ පෙබරවාරි වෙනකොට අපි තවත් සියයට 14කින් සංචිත වැඩි කළේ. දන්ත ධාතුවට ආරක්ෂාව සපයපු යාපහුවයි, කුරුණෑගලයි ඇතුගලට ඇවිල්ලා ඩිජිටල්, ස්මාට් යුගයකට යද්දි අත්වැල් බැඳගෙන යන්න ඕන.
මෙතන ඉන්නවා විදේශගත ශ්‍රමිකයන්ගේ දරුවෝ. රටට විදේශ විනිමය එවලා රට ගොඩ නගපු සාමාජිකයෝ. ගම්වල විගමණික සමිතිවල ඉන්නවා රටට ශක්තිය ගෙනාව අය. ඒ අයව අපි උපහාරයට ලක් කිරීමටයි ශ්‍රමික සුරැකුම ක්‍රියාත්මක කරන්නේ. ලංකාවට ආ අයව යළි ශක්තිමත් කරන්නේ ඔවුන් මේ රටට කළ යුතුකම නිසා. මේ ඇතුගල්පුර ප්‍රධාන කොටගත් කාන්තාවන් වැඩියෙන් මේ රටේ සිටින්නේ. ඒ අය නැතිව අපිට මේ ජයග්‍රහණ ලබාගන්න බෑ. ඒ අය වෙනුවෙන් තමයි ශ්‍රමික හරසර කියන උත්තමාචාරය පුදකරන්නේ. ඒ වෙනුවෙන් අපි ණයගැතියි.”

විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුලා දිසානායක, ඇතුළු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ නිලධාරීහු රැසක් මේ සඳහා සහභාගි වූහ.

:කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Prime Marina” ව්‍යාපෘතිය දියත් කෙරේ

ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…

2 days ago

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු…

2 days ago

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

2 weeks ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

2 weeks ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

2 weeks ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

2 weeks ago