Thursday, October 29, 2026
Homeදේශීයකුරුණැගල මාරක බස් අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට - 20කට වැඩි පිරිසකට තුවාල

කුරුණැගල මාරක බස් අනතුරින් මියගිය ගණන 4ක් දක්වා ඉහළට – 20කට වැඩි පිරිසකට තුවාල

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් මියගිය ගණන පුද්ගලයින් සිව් දෙනකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් ද වෙනවා.

තවත් පුද්ගලයින් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වන අතර පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසක් අනතුරින් තුවාල ලබා තිබෙනවා.

කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ එම බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.

READ:   AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්