Monday, April 20, 2026
Homeදේශීයපාසල් මැරතන් තරගය අතරතුර සිසුවෙක් මරුට

පාසල් මැරතන් තරගය අතරතුර සිසුවෙක් මරුට

පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් තරගයට සහභාගී වූ 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) උදෑසන හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙලෙස මියගොස් ඇත්තේ තුරෙය්යප්පා පාර, තිරුක්කෝවිල් 03 ප්‍රදේශයේ පාසල් සිසුවෙක්.

මේ අතර අසනීප වූ සිසුවාට තිරුක්කෝවිල් රෝහලේදී නිසි ප්‍රථිකාර නොකළ බව පවසමින් ප්‍රදේශවාසින් රෝහල අසළ විරෝධතාවක් ද පැවැත්වුවා.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවූ බව වාර්තා වුණා.

සිසුවාගේ මියයෑම සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.

READ:   අද තද වැසි වහින ප්‍රදේශ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්