Saturday, June 6, 2026
HomeදේශීයIMF නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක: අනුර සජිත්ටත් ආරාධනා

IMF නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක: අනුර සජිත්ටත් ආරාධනා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවන් සම්බන්ධයෙන් මෙරට බලධාරීන් සමඟ යි.

මෙම සාකච්ඡාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතයි.

මේ අතර මෙම සාකච්ඡාවට සහභාගී වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක වරයාට ද ආරාධනා කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ.

READ:   "මුදල් කාරක සභාවේ සම්මත වෙච්ච යෝජනාව නෙවෙයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ.." - හර්ෂ ද සිල්වා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්