Saturday, June 6, 2026
Homeදේශීයවිදේශගත ශ්‍රමිකයින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 476ක ප්‍රේශණ රටට එවලා

විදේශගත ශ්‍රමිකයින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 476ක ප්‍රේශණ රටට එවලා

විදේශ ගත ශ්‍රමිකයින් පසුගිය පෙබරවාරි මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 476.4ක මුදලක් මෙරටට එවා තිබේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සන්සන්දනය කර බලන විට මෙය සියයට 14ක ඉහළ යාමකි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව ගතවූ කාලය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 9691.4 ක මුදලක් මෙරටට එවා තිබේ.

නීත්‍යානුකූල ක්‍රමය හරහා විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ මෙරටට ගෙන්වා ගැනීම සදහා විද්‍යුත් වාහන ආයනයන බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීම, බහු කාර්ය ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වාදිම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. නීත්‍යානුකූල ක්‍රමය හරහා රටට මුදල් එවන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීම් සදහාද යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

file
READ:   අපි ඡන්දවලට බයයි කියන අයගේ රැළි මූදේ රැළි වගේ, එනවා, යනවා බිදෙනවා - ඇමති මනූෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්