Friday, April 17, 2026
Homeදේශීයවිදේශිකයින්ට පහරදීමට වැඩ තහනම් කළ දුම්රිය සේවකයින් යළි සේවයේ

විදේශිකයින්ට පහරදීමට වැඩ තහනම් කළ දුම්රිය සේවකයින් යළි සේවයේ

විදේශිකයින් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් වැඩතහනම් කළ දුම්රිය සේවකයින් තිදෙනෙකු යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් යළි සේවයේ පිහිටුවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉකුත් 5 වනදා කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක වායුසමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරියක විදේශිකයින් දෙදෙනෙකු ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුව තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, දුම්රිය නියාමතවරයෙකු සහ දුම්රිය ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ ද සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුව කටයුතු කළා.

READ:   Q.R තවත් කල් යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්