ගලෙන්බිදුණුවැව මුරියාකල්ල ප්‍රදේශයේ වයස 65 පමන පුද්ගලයෙකු ඉයේ (06) රාත්‍රි කාලයේ පැල් රැකිමට ගොස් සිටියදී පැලෙන් බිමට වැටි මියගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය පවසයි.
සිවලාකුලම, මුරියාකඩවල වැව් ස්මත්තේ පිහිටා තිබෙන හේන්යායේ වගා කර තිබු කොමඩු වගාවක් වන අලිංගෙන් ආරක්ෂා කර ගැණිම සදහා දැන කිහිපයකට පෙර විශාල කුඹුක් ගසක් මත අඩි 20 පමන උසකින් භාගෙට තනා ගත් පැලකට ගොඩ වු පුද්ගලයෙකු (06) වෙනිදාට පහන් වන්නට ආසන්න කාලය තුලදී උඩ පැලෙන් බිමට වැටි මිය ගොස් සිටියදී පවුලේ නැයන්ට හමුව ඇතැයි වාර්ථාවිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මුරියාකඩවල සිවලාකුලම ලිපිනයේ පදිංචි සිටි කපුරාලගේ දයානන්ද වයස අවුරුදු 65 දරුවන් 4 දෙනෙකුගේ පියකු වන අතර මියයාමට පෙර දින වගා භුමිය වන අලින්ගෙන් ආරක්ෂා කර ගෑණිම සදහා යන අතරවාරයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව 99 යෙන් ජිවිතය බෙරාගෙන ඇතැයි මියගිය පුද්ගලයාගේ නැයන් පවසා සිටියේය.
මෙලෙස පැලෙන් ඇදවැටි මියගොස් සිටිය දී හමුව ඇති තැනැත්තා (05) දින රාත්‍රී කාලයේ දී වගා භුමිය වන අලින්ගෙන් ආරක්ෂා කර ගැණිමේ බලාපොරොත්තු ඇතිව රාත්‍රී ආහාරය, වතුර බෝතලය, රතින්ඥා මල්ල, විදුලි පන්දම හා ඹහුට අවශ්‍ය දැ කිහිපයක් ද ඇතැතිව නිවසින් පිටත්ව ගොස් ඇති අතර රාත්‍රී කාලයේ නිවැසියන්ට දුරකතන ඇමතුමක්ද ලබා දී ඇත.
රාත්‍රී කාලයේ වාගා බිම වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සදහා කුඹුක් ගස මත තැනු පැලට නැංගුණු පියා පිළිබද උදැසන කිසිදු තොරතුරක් හො නිවසට නොපැණිම හේතුවෙන් කලබලයට පත්වු නිවැසීයන් පැල පිහිටා ඇති ස්ථානය ගොස් සොයා බලන අවස්ථාවේ පැල මතින් බිමට වැටි සිටින අයුරු දැක වහාම සිවලාකුලම පොලිසිය දැනුවත් කොට ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් පැමින ස්ථානිය පරික්ෂන සිදු කොට දේහය යකල්ල හුරුළුවැව රොහලට ඇතුලත් කොට රොහල් ප්‍රධාන වෙද්‍ය නිළධාරි ගයන් සම්පත් මහතා විසින් පස්චාත් මරණ පරික්ෂණය සිදු කොට ඥාතිනට භාරදීමට කටයුතු කර තිබේ.
:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය