file
ගලෙන්බිදුණුවැව මුරියාකල්ල ප්‍රදේශයේ වයස 65 පමන පුද්ගලයෙකු ඉයේ (06) රාත්‍රි කාලයේ පැල් රැකිමට ගොස් සිටියදී පැලෙන් බිමට වැටි මියගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය පවසයි.
සිවලාකුලම, මුරියාකඩවල වැව් ස්මත්තේ පිහිටා තිබෙන හේන්යායේ වගා කර තිබු කොමඩු වගාවක් වන අලිංගෙන් ආරක්ෂා කර ගැණිම සදහා දැන කිහිපයකට පෙර විශාල කුඹුක් ගසක් මත අඩි 20 පමන උසකින් භාගෙට තනා ගත් පැලකට ගොඩ වු පුද්ගලයෙකු (06) වෙනිදාට පහන් වන්නට ආසන්න කාලය තුලදී උඩ පැලෙන් බිමට වැටි මිය ගොස් සිටියදී පවුලේ නැයන්ට හමුව ඇතැයි වාර්ථාවිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මුරියාකඩවල සිවලාකුලම ලිපිනයේ පදිංචි සිටි කපුරාලගේ දයානන්ද වයස අවුරුදු 65 දරුවන් 4 දෙනෙකුගේ පියකු වන අතර මියයාමට පෙර දින වගා භුමිය වන අලින්ගෙන් ආරක්ෂා කර ගෑණිම සදහා යන අතරවාරයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව 99 යෙන් ජිවිතය බෙරාගෙන ඇතැයි මියගිය පුද්ගලයාගේ නැයන් පවසා සිටියේය.
මෙලෙස පැලෙන් ඇදවැටි මියගොස් සිටිය දී හමුව ඇති තැනැත්තා (05) දින රාත්‍රී කාලයේ දී වගා භුමිය වන අලින්ගෙන් ආරක්ෂා කර ගැණිමේ බලාපොරොත්තු ඇතිව රාත්‍රී ආහාරය, වතුර බෝතලය, රතින්ඥා මල්ල, විදුලි පන්දම හා ඹහුට අවශ්‍ය දැ කිහිපයක් ද ඇතැතිව නිවසින් පිටත්ව ගොස් ඇති අතර රාත්‍රී කාලයේ නිවැසියන්ට දුරකතන ඇමතුමක්ද ලබා දී ඇත.
රාත්‍රී කාලයේ වාගා බිම වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සදහා කුඹුක් ගස මත තැනු පැලට නැංගුණු පියා පිළිබද උදැසන කිසිදු තොරතුරක් හො නිවසට නොපැණිම හේතුවෙන් කලබලයට පත්වු නිවැසීයන් පැල පිහිටා ඇති ස්ථානය ගොස් සොයා බලන අවස්ථාවේ පැල මතින් බිමට වැටි සිටින අයුරු දැක වහාම සිවලාකුලම පොලිසිය දැනුවත් කොට ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් පැමින ස්ථානිය පරික්ෂන සිදු කොට දේහය යකල්ල හුරුළුවැව රොහලට ඇතුලත් කොට රොහල් ප්‍රධාන වෙද්‍ය නිළධාරි ගයන් සම්පත් මහතා විසින් පස්චාත් මරණ පරික්ෂණය සිදු කොට ඥාතිනට භාරදීමට කටයුතු කර තිබේ.
:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…