දේශීය

වගාව බේරගන්න පැලට නැග්ග සිව්දරු පියා පැලෙන් වැටී මරුට

ගලෙන්බිදුණුවැව මුරියාකල්ල ප්‍රදේශයේ වයස 65 පමන පුද්ගලයෙකු ඉයේ (06) රාත්‍රි කාලයේ පැල් රැකිමට ගොස් සිටියදී පැලෙන් බිමට වැටි මියගොස් ඇතැයි සිවලාකුලම පොලිසිය පවසයි.

සිවලාකුලම, මුරියාකඩවල වැව් ස්මත්තේ පිහිටා තිබෙන හේන්යායේ වගා කර තිබු කොමඩු වගාවක් වන අලිංගෙන් ආරක්ෂා කර ගැණිම සදහා දැන කිහිපයකට පෙර විශාල කුඹුක් ගසක් මත අඩි 20 පමන උසකින් භාගෙට තනා ගත් පැලකට ගොඩ වු පුද්ගලයෙකු (06) වෙනිදාට පහන් වන්නට ආසන්න කාලය තුලදී උඩ පැලෙන් බිමට වැටි මිය ගොස් සිටියදී පවුලේ නැයන්ට හමුව ඇතැයි වාර්ථාවිය.

මෙලෙස මිය ගොස් ඇත්තේ මුරියාකඩවල සිවලාකුලම ලිපිනයේ පදිංචි සිටි කපුරාලගේ දයානන්ද වයස අවුරුදු 65 දරුවන් 4 දෙනෙකුගේ පියකු වන අතර මියයාමට පෙර දින වගා භුමිය වන අලින්ගෙන් ආරක්ෂා කර ගෑණිම සදහා යන අතරවාරයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව 99 යෙන් ජිවිතය බෙරාගෙන ඇතැයි මියගිය පුද්ගලයාගේ නැයන් පවසා සිටියේය.

මෙලෙස පැලෙන් ඇදවැටි මියගොස් සිටිය දී හමුව ඇති තැනැත්තා (05) දින රාත්‍රී කාලයේ දී වගා භුමිය වන අලින්ගෙන් ආරක්ෂා කර ගැණිමේ බලාපොරොත්තු ඇතිව රාත්‍රී ආහාරය, වතුර බෝතලය, රතින්ඥා මල්ල, විදුලි පන්දම හා ඹහුට අවශ්‍ය දැ කිහිපයක් ද ඇතැතිව නිවසින් පිටත්ව ගොස් ඇති අතර රාත්‍රී කාලයේ නිවැසියන්ට දුරකතන ඇමතුමක්ද ලබා දී ඇත.

රාත්‍රී කාලයේ වාගා බිම වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීම සදහා කුඹුක් ගස මත තැනු පැලට නැංගුණු පියා පිළිබද උදැසන කිසිදු තොරතුරක් හො නිවසට නොපැණිම හේතුවෙන් කලබලයට පත්වු නිවැසීයන් පැල පිහිටා ඇති ස්ථානය ගොස් සොයා බලන අවස්ථාවේ පැල මතින් බිමට වැටි සිටින අයුරු දැක වහාම සිවලාකුලම පොලිසිය දැනුවත් කොට ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිළධාරින් පැමින ස්ථානිය පරික්ෂන සිදු කොට දේහය යකල්ල හුරුළුවැව රොහලට ඇතුලත් කොට රොහල් ප්‍රධාන වෙද්‍ය නිළධාරි ගයන් සම්පත් මහතා විසින් පස්චාත් මරණ පරික්ෂණය සිදු කොට ඥාතිනට භාරදීමට කටයුතු කර තිබේ.

:ගලෙන්බිදුණුවැව – චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago