Wednesday, September 9, 2026
HomeදේශීයFacebook ඇතුළු සමාජ මාධ්‍යට ඊයේ මොකද වුණේ?

Facebook ඇතුළු සමාජ මාධ්‍යට ඊයේ මොකද වුණේ?

ෆේස්බුක් ඇතුළු තම සමාගමට අයත් සමාජ මාධ්‍ය කිහිපයක බිඳ වැටීම සම්බන්ධයෙන් මෙටා සමාගම නිවේදනයක් කරනවා.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බවත් ඒ හේතුවෙන් සිය සමාගමේ යෙදවුම් කිහිපයකට ප්‍රවේශවීමට බාධා මතුවූ බවත් එම සමාගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එම සියලු යෙදවුම් යළි යථා තත්වයට පත් කර ඇති බව ඔහු සිය X ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් වෙත පිවිසීමට බාධා පැමිණ තිබුණා.

Facebook, Messenger, Instagram සමාජ මාධ්‍ය ඒ අතර වෙනවා.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේදී ම අදාළ බිඳ වැටීම යථා තත්වයට පත් කර තිබුණා.

READ:   මානව හිමිකම් කවුන්සිලයේදී ඉන්දියාවේ සහාය ශ්‍රී ලංකාවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්