Thursday, June 4, 2026
Homeදේශීයඉන්දියාවේ පූජකයෝ කථානායකට බගවත් ගීතාව පිළිගන්වයි

ඉන්දියාවේ පූජකයෝ කථානායකට බගවත් ගීතාව පිළිගන්වයි

ශ්‍රීමත් භගවත් ගීතා ග්‍රන්ථයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා.

file

2024 මාර්තු 1 සිට 2024 මාර්තු 4 දක්වා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවති සිව්දින ජාත්‍යන්තර ගීතා මහෝත්සවයේ අවසානය සනිටුහන් කරමින් මෙම පිළිගැන්වීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින්.

file

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා සඳහන් කළේ භගවත් ගීතාව භාරතයට පමණක් අයත් වූවක් නොව සමස්ත මනුෂ්‍ය වර්ගයාටම අයත් වටිනා ග්‍රන්ථයක් බවයි.

file

භගවත් ගීතාවේ පණිවිඩය සියළු මනුශ්‍යයන් වෙත ලබා ගත හැකි නම් වර්තමානයේ පැනනැගී ඇති බොහෝ ගැටලු ඇති නොවන බවද ඔහු අවධාරණය කළා.

file

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් වන ගීතා මන්ෂි ස්වාමි ග්‍යානන්ද ජි, ස්වාමි ගුරුෂරානන්ද ජි ප්‍රමුඛ සිය දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සහභාගී වූ අතර පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්වරුද එක්ව සිටියා.

file
file
READ:   චැනල් ෆෝ වාර්තාවෙන් පසු පිල්ලෙයාන් CID යට යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්