දේශීය

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ. ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසටත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාද වී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරණ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙසද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

2 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

2 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

5 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

6 days ago