file
ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙන හෙයින් ඇය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු යැයි ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
ඊයේ (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ ද පැවැසුවාය.
‘‘ජාතික ජන බලවේගයේ හරිනි අමරසූරියට හොඳ දේශපාලන ගමනක් තිබෙනවා. ජාතික ජන බලවේගයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුත්තේ හරිනි අමරසූරිය. අනුර කුමාර දිසානායකට භායානක, කිලිටි අතීතයක් තිබෙනවා.
හරිනි අමරසූරියට එවැනි අතීතයක් නෑ. ඇය උගත් බුද්ධිමත් ජාත්‍යන්තර සබඳතා තිබෙන කාන්තාවක්. අනුර කුමාරට වඩා හරිනි අමරසූරිය ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුයි. ගණිකා වෘත්තිය නීතිගත කරන යෝජනාව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්වලට ඇතුළත් කරන බව හරිනි අමරසූරිය ප්‍රකාශ කරලා තිබෙනවා.
ඔවුන් එය පාදක කරගෙන තිබෙන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට නම් හරිනි අමරසූරියට පුළුවන් පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගේන්න පාදඩ නීතිය අහෝසි කරන්න කියලා. ඔවුන්ට කැක්කුමක් තිබෙනවා නම් ක්‍රියාවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න
හරිනි අමරසුරියට පුළුවන්.
ගණිකා වෘත්තිය නීතිගත කරන බව සමගි ජන බලවේගයේ රැස්වීමක කිව්වොත් මිනිස්සු අපට බනියි. නමුත් මාලිමාවේ රැස්වීම් ඉදිරියේ ඉඳගෙන සිටින කාන්තාවන් එවැනි කතා අහගෙන ඉන්නා. දුවෙක් ඉන්න අම්මා කෙනෙක්ට පුළුවන්ද එවැනි කතා අහගෙන එවැනි කතාවටල අත්පුඩි ගහන්න. නිවැරදි වැඩපිළිවෙළකි තිබෙන දැක්මක් තිබෙන තැනක් කාන්තාවන් තෝරාගත යුතුයි.
රක්ෂණ ශ්‍රියන්ත (දිනමිණ)
:උපුටා ගැනීම
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…