දේශීය

ඉන්දියන් සාගරය ගැන ජනපතිගේ තීරණය

ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව අවධාරණය කළා.

file

1967 ඊශ්‍රායල – අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් වසර 10ක් කොළඹ වරායේ මෙහෙයුම් නැවතුණු ආකාරය ද සිහිපත් කළ ජනාධිපතිවරයා මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම සඳහා සුවස් ඇළ සහ රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙනවා.

file

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්‍රදානය වෙනුවෙන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේදී අද (01) පෙරවරුවේ පැවති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින්.

file

ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා..

අද නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයට ඉතා වැදගත් දිනයක්. අද මෙම බලඝණයට ජනාධිපති සම්මාන ලබා දුන්නා. මෙම බලඝණය ආරම්භ කර වසර 30ක් ගතව තිබෙනවා. 1993 මෙම බලඝණය ආරම්භ කරනු ලැබුවා. අපේ යුද හමුදාවට විශේෂ සේවා අංශ දෙකක් තිබෙන නිසා නාවික හමුදාවෙත් මෙවැනි අංශයක් ආරම්භ කිරීමට එදා තීරණය කරනු ලැබුවා. දීර්ඝකාලයක් අපේ නාවික හමුදාපතිවරුන් මේ පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා කළා.

එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී නාවික හමුදාවේ එක් උපක්‍රමයක් ලෙස මෙම බලඝණය හඳුන්වාදිය හැකියි. ඒ නිසා මෙම බලඝණය මඟින් ඉටු වූ සේවාව මා විශේෂයෙන් සිහිපත් කළයුතු නොවුවත් ඒ වෙනුවෙන් මා මෙහිදී මාගේ ස්තූතිය ප්‍රකාශ කළයුතුයි.

ඒ වගේම එතැනින් නොනැවති ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැදගත් අංශයක් ලෙස මෙම බලඝණය ගෞරවයට සහ පිළිගැනීමට ලක්ව තිබෙනවා.ඒ නිසා මේ ජනාධිපති වර්ණ ලබාගැනීමෙන් පසුවත් ඊටත් වඩා උසස් අන්දමින් වැඩකටයුතු කරගෙන යමින් මෙම බලඝණයේ කිර්තිනාමය ආරක්ෂා කර ගන්නා ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

එසේම පසුගිය යුද සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාව රට වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළා. එහිදී ජීවිත පුද කළ සියලු සාමාජිකයන් සහ අහිමි වූ සම්පත් පිළිබඳ ඉතිහාසයේ ලියැවී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා මුහුදු කලාපයේ මෙන්ම ඉන්දියන් සාගර කලාපයේ ද ආරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ සිට අපගේ නාවික හමුදාව කැපවී කටයුතු කර තිබෙනවා. ඒ සඳහා වන එක්සත් ජාතින්ගේ ගිවිසුමටද අප එකඟ වී සිටිනවා. ඉන්දියන් සාගරය තුළ අපේ ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්න බැහැ.

ඒ වගේම රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් අපගේ නාවික හමුදාව යෙදවීමට අප කටයුතු කළා. 1967 ඊශ්‍රායල – අරාබි යුද්ධයේදී සුවස් ඇළ වසා දැමීම හේතුවෙන් නාවික ගමනා ගමනයට හානිවීම නිසා වසර 10ක් කොළඹ වරායේ වැඩකටයුතු නැවතී තිබූ අන්දම අපට මතකයි. ඉන්දියන් සාගරයේ ආරක්ෂාව වෙනුවෙන් වගේම සුවස් ඇළ සහ රතු මුහුද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සහ අපේ වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අප කටයුතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම ඉදිරියේදී ද අපේ නාවික හමුදාව මෙම වැඩකටයුතුවල සාර්ථකව නිරත වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

අද මෙම වැඩසටහන පැවැත්වෙන්නේ ඓතිහාසික ස්ථානයක. ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ ප්‍රධාන වරායක් ලෙස ත්‍රිකුණාමල වරාය සළකනවා. අනුරාධපුර සහ පොළොන්නරු යුගයේදී මේ වරාය වැදගත් වාරයක් ලෙස සලකනු ලැබුවා. දෙවැනි ලෝක යුද්ධයේ දී ආසියානු කලාපය තුළ බිතාන්‍යයන්ගේ ජය්‍රහණයට එක් හේතුවක් වූයේ මෙම වරායයි. රපේ රටට අයිති මෙම වරාය අප ආරක්ෂා කරගත යුතුයි. එහිදී අප මධ්‍යස්ථව කටයුතු කළයුතුයි.

අද මට සේනාධිනායකයා ලෙස නාවික හමුදා බලඇණිය පරික්ෂා කිරීමට අවස්ථාව ලැබුණා. ඔවුන්ටත්, සමස්ත නාවික හමුදාවටත් රට වෙනුවෙන් ඉටු කරන සේවාවට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

Recent Posts

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

3 hours ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

3 hours ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago