දේශීය

බලයට ආවාම බදුගහන්නේ නැහැ කියන අය රාජ්‍ය පාලනයට මුදල් සොයාගන්නේ අතීයේ නිවෙස් වලින් රැගෙන ගිය රන් ආභරණ විකිණීමෙන්ද ? – ඇමති මනූෂ

තමන් පැමිණි පසු බදු අය කිරීම් නවතා දමන බවට පවසන පිරිසගෙන් බදු අයකිරීමෙන් තොරව රජයේ කටයුතු පවත්වාගෙන යනු ලබන ආකාරය විමසා සිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, බදු අය නොකර රාජ්‍ය පාලනය ගෙන යාමට මුදල් අතීතයේ නිවෙස් වලට පැමිණ රැගෙන ගිය රන් ආභරණ විකුණා සොයා ගන්නවා දැයිද විමසා සිටියේය.

වර්ථමානයේ පවතින ආර්ථික අර්බුදය වැලැක්වීමට අකමැත්තෙන් වුවද බදු අය කිරීමට සිදුව ඇති බවත් රජය සහ ජනාධිපතිවරයා එවන් තීරණ ගනු ලබන්නේ පටු දේශපාලන අරමුණ පසෙකලා රටේ සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමේ අරමුණින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

file

අමාත්‍යවරයා මේබව සඳහන් කර සිටියේ මහනුවර බෝගම්බර් බන්ධනාගාර ක්‍රීඩාංගනයේ අද (1) ආරම්භ වූ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වූ අවස්ථාවේදීය.

file

මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ලාංකිකයින් කියන්නෙ දනට පිනට පුරුදු වෙලා ඉන්න ජාතියක්. අපි හැමවෙලාවේ උදව් උපකාර කරලා පුරුදු ජාතියක්. අපි හිරකාරයන්ට පවා හොදට ආගන්තුක සත්කාරයෙන් සැලකුවා ඊට හොදම උදාහරණය තමයි රොබට් නොක්ස්.

නමුත් අද වෙනකොට මනුස්සයෙක්ට මැරියන් කියලා කියන්න තරම් හිත් වෙනස් කරගත්ත ජාති‍යක් බවට අපි පත්වෙලා තියෙනවා.

ඒ අනුව ඉතිහාසය පුරා දන් දුන්න ජාතියක් වුන අපි, අද වෙනකොට බදු ගෙවන එක විශාල ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. ඇත්තටම බදු මුදල් ගෙවන්නේ මොකටද? අපි බදුගෙවන්නේ සෞඛ්‍ය, ජාතික ආරක්ෂාව, නිදහස් අධ්‍යාපනය ලබාදෙන්න, රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීම ඇතුලු සියලුම දේවල් සඳහායි.

අද බදු වලට විරුද්ධව කෑගහනවා. අපිට බදු ගහන්නේ වුනේ පැවති තත්ත්වය වෙනස් කරන්නයි. අපි ඉතිහාසය පුරාවටම රාජකාරිය දේව කාරියටත් වඩා ඉහළින් කරපු පිරිසක්. එදා අපි රජයට කාසි වලින් බදු ගෙව්ව නැති නිසා රජයට රාජකාරි කළා.

ඒ දවස් වල වැව්, දාගැබ් හදන කොට ජනතාව ශ්‍රමයෙන් දායකත්වය දුන්නා. එහිදී වුනේ රට හදන වැඩේට ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් දායකත්වය ලබාදිමයි. එදා වගේ අපිට ශ්‍රමයෙන් දාකත්වය දෙන්න බැහැ. ඒ නිසයි අපි මේ විදිහට බදු ගෙවීම කරන්නේ.

ඉතින් කවුරු හරි කියනවා නම් අපි ආවොත් බදු ගන්නේ නැහැ කියලා. ඒ අයගෙන් අපි අහන්න කැමතියි, බදු ගන්නේ නැතිව රට කරන්නේ ඒ කාලයේ අරගෙන ගිය රත්තරන් බඩු වලින්ද කියලා.

ජනාධිපතිවරණයක් තියෙන අවස්ථාවක බදු ගහන එක අපිට ඉතාම අවාසිදායක දෙයක්. මොකද බදු අය කලාම රාජ්‍ය නිලධාරීන් ඇතුලුව බදු ගෙවන සියලුදෙනාම අපිත් එක්ක තරහා වෙනවා.

ඒත් අපි මේ තීරණ ගන්නේ මේ රට නැවත වතාවක් කඩා වැටීම වැලැක්විමටයි. දේශපාලනික වශයෙන් කොච්චර අවාසි වුනත් ජනාධිතිවරයා මේ තින්දු තීරණ ගැනීම කරන්නේ මේ රට නොවැටී ඉදිරියට යන වැඩපිළිවෙල හදන්නයි.

පහුගිය මාසයේදී අපෙක්ෂිත බදු ඉල්ක්කය ඉක්මවා ගිහින් රුපියල් බිලියන 300ක අතිරික්ත මුදලක් භාණ්ඩාගාරයට ඇවිත් තියෙනවා. එහිදී ජනාධිපතිවරයා කිව්වා මහ බැංකුවෙන් මුදල් අච්චු ගහන්න හැකියාවක් නොමැති අවස්ථාවක මේ මුදල් ආරක්ෂිත අරමුදල් විදිහට තියාගමු කියලා.

අවශ්‍ය නම් ජනාධිපතිවරයාට බදු මුදල් අඩු කිරීමෙන් හෝ අතරික්ත මුදල් ජනතාව අතරේ බෙදා දීලා දේශපාලන වාසියක් ගන්න හැකියාවක් තිබුණා. ඒත් එතුමා ඒක කලේ නැහැ. අපි රටේ අනාගතය වෙනුවෙන් මුදල් ආරක්ෂිතව තියාගන්නවා. ඒක ලබන මාසයෙත් වෙනවා. ඒක ඉදිරි මාස වලදිත් වෙනවා. ඒ අනුව රුපියල් බිලියන 100ත් 150ත් අතර අතිරික්තයක් තියාගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
අපි එහෙම කරන්නේ රටේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් සහ රට නැවතත් අර්බුදයකට වැටෙන එක වැලැක්වීමයි.

ස්මාර්ට් වැඩ්ඩන් නිර්මාණය කරන ස්මාර්ට් වැඩබිම ජයගමූ ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය අපි ආරම්භ කලේ අනුරාධපුරයෙන් ඊට පස්සෙ මොනරාගල කෑගල්ල දැන් මහනුවර පැමිණ තිබෙනවා.

file

ඇත්තටම අනුරාධපුරය කියන්නෙ මේ රටේ පැරණිතම සහ දීර්ඝතම කාලයක් ක්‍රියාත්මක වුණ රාජධානියක්. දැවැන්ත වරිමාර්ග ක්‍රමයක් හදපු වාණිජ ක්‍රමයක් ගොඩනගපු ශිෂ්ටාචාරයක්.
අදටත් මේ රටට ඩොලර් අරන් එන සීගිරිය අටමස්තානය වගේ ව්‍යාපෘති ගණනාවක් තියෙන රන් භූමියක්. අතීතයේදි චීනය ඇතුළු පෙරදිග ලෝකයෙන් ත්‍රිකුණාමලයට ආපු නැව් වලින් ගොඩ බාපු බඩු අනුරාධපුරය හරහා මන්නාරම වරායට අරන් යනවා. එතනින් ඒවා රෝමය ඇතුලු අපරදිග ලෝකයට ආපහු නැව් ගත කරනවා. ඒ ක්‍රියාවලියම අනෙක් පැත්තටත් සිද්ධ වුනා.

ඒ නිසාමයි අනුරාධපුරය බලවත් වගේම ශක්තිමත් රාජධානියක් වුනේ. ඒ නිසාම තමයි අනුරාධපුරයේ බලය අල්ල ගන්න දකුණු ඉන්දියානුවන් වරින් වර උත්සාහ කලේ. අවසානයේ අපට අනුරාධපුරය අතහැරලා ටිකෙන් ටික මහනුවරට ආවා. අපි මහනුවරට එන කොට අපිට තිබුණ සියලු නිර්මාණ, හැකියාවන් ටිකෙන් ටික අඩු කරගෙන ආවා. එතැනින් පස්සේ සුද්දෝ අපිව අල්ල ගත්තා.

සුද්දා අපිව අල්ල ගත්තාට පස්සේ අපිට ජාතියක් විදිහට තිබුණ දක්ෂකම්, අපේ හැකියාවන්, කුසලතාවයන්, වීරකම නැති කළා.

file

සුද්දා අපිට රට බාරදීලා ගිය දවසේ ඉදලා අපිව ජාතීන්, ආගම්, කුල විදිහට බෙදලා විතරක් නෙමෙයි උඩරට පහත රට විදිහටත් බෙදලා අපේ රට කැඩුවේ යලිත් ගොඩ නැගෙන්න බැරිවෙන තත්ත්වයකට පත් කරලයි. 75 වසරක සාපය කියලා කියන්නේ ඒකටයි.

එදා ඉදලා රට ගොඩ නැගීමට හැම නායකයාම උත්සහ කළා. ඒත් ඒ හැමතැනම මුක්කු ගහලා ඉදලා අද වෙනකොට පිරිසක් ඒවාට චෝදනා කරනවා.

ඉතිහාසයේ ඉදලාම ක්‍රමය වෙනස් කරන්න දේශපාලඥයින් බය වුනා. අපේ රටේ සුද්දා නැති කරලා තිබුණ ශක්තිය එළියට ගන්න අපේ හැම නායකයාම බය වුනා. ඒ නිසා අපි තිබුන සාම්ප්‍රදායික ක්‍රමයේම ගියා.

අපිට අද රට ජයග්‍රහනය කරා ගෙනයන්න බය නැතිව තීන්දු තීරණ ගන්නවා. ඒ වගේම නැවත වතාවක් ජනතාව රවට්ටන්න බැරිවෙන්න, දූෂණ නවත්වන්න, ඡන්ද නැතිවෙයි කියලා බයේ තීන්දු ගැනීමෙන් වැලකී ඉන්නෙ නැතිව සෘජු තිරණ අරගෙන ඉදිරියට යන්න කාලය පැමිණ තිබෙනවා.

තැන් තැන් වල හට් ගහලා බස් වලින් සෙනඟ ගෙනල්ලා දේශපාලන රැලි කරන්න සල්ල වියදම් කිරීම නෙමෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. අපිට දේශපාලනයක් අවශ්‍ය නැහැ. අපිට පාට පක්ෂ භේදයක් නැහැ.

අපිට අවශ්‍ය වෙන්නේ මේ රට වැටුන තැනින් ගොඩ ගන්නයි. අපි සියලුදෙනාම තමන්ගෙන් පටන් ගැනීම කළයුතුයි. එවිටයි අපිට ජයග්‍රාහී ශ්‍රී ලංකාවක් බවට පත්වෙන් හැකියාව ලැබෙන්නේ. ඒ නිසාමයි අපි මගෙන් පටන් ගමු කියලා නම් කළෙත්.

file

ජනාධිපතිතුමා රටේ අනාගතය වෙනුවෙන් දක්ෂ තරුණ පරපුරක් ඇති කරන්න තරුණයින් දසදහසකට වෘත්තීය පුහුණව දෙන්න ජනාධිපති අරමුදලින් මුදල් ලබාදී තිබෙනවා. ඒ වගේම සහතික නැති නිසා රට යන්න අපහසු ඒත් වෘත්තීය හැකියාව තියෙන අයගේ වෘත්තීය හැකියාව සහතික කිරීමට කටයුතු කරන්න කියලත් ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙනවා.

ඒ වගේම ස්මාට් පන්තිකාමර දීලා රට ගොඩ නගන්න අවශ්‍ය ස්මාට් වැඩ්ඩන් හදන්නයි අපි මේ කටයුතු කරමින් ඉන්නේ.

2048 රට සංවර්ධිත රටක් කරන්න නම් අපි අද අපේ දරුවන් ශ්‍රමිකයින් ශක්තිමත් කළයුතුයි. අපේ රටට තියෙන්නේ මානව සම්පත විතරයි. ඒ නිසා අපේ මානව සම්පත වර්ධනය කිරීමටයි අපි කටයුතු කරන්නේ.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

4 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

4 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

4 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

4 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

1 week ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago