දේශීය

ඇමැති මනුෂගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹේ.

ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යමින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ගම් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික තලයේ අවස්ථාව විවෘත කරදීම අරමුණු කරගනිමින් පැවැත්වෙන Galle Cricket Carnival හි අවසන් මහා තරගාවලිය අද උදෑසන බද්දේගම කුම්මේ ක්‍රීඩාංගනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

file

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක Galle Cricket Carnival හි මූලික අදියරේ තරග ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පසුගිය මාස කිහිපය පුරාම පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ජයග්‍රහණය කරනු ලැබූ කණ්ඩායම් අද දිනයේදී පැවැත්වෙන අවසන් මහා තරගාවලිය සදහා සුදුසුකම් ලබා තරග කරනු ලබයි.

file

අවසන් මහා තරගයට සමගාමීව ජනප්‍රිය ක්‍රිකට් තරු සහභාගී වන ප්‍රදර්ශනාත්මක තරගයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Galle Cricket Carnival ආරම්භ කරමින් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවසුවේය.

file

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා, සුපිරි ක්‍රිඩක සනත් ජයසූරිය ඇතුළු ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් එකතු කරගෙන පුන්‍ය කටයුතු වෙනුවෙන් ක්‍රිකට් තරගාවලි පැවැත්වූවා. කළුතරින් ආරම්භ කරලා, බදුල්ලට ගිහිල්ලා මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ එය පවත්වනවා. ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා සමග එකතුවෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අපි තරග පවත්වනු ලැබුවා. පසුගිය කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ යම් කිසි පසුබෑමක් ඇතිවෙලා තිබුණ නිසා ක්‍රීඩා ඇමැතිතුමා සහ සනත් ජයසූරියලා වගකීම් භාරගත්තාට පස්සේ ජයග්‍රාහී තැනකට අරගෙන එන්න හැකියාව ලැබී තිබෙනවා. ඒත් එක්කම දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීමට අපි කටයුතු කරනවා. අද දිනයේදී දක්ෂ ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීනුත් මෙතැනට පැමිණ සිටිනවා. එසේ තෝරා ගන්නා ක්‍රීඩකයින් පුහුණු සැසි සදහා යොමු කරලා ජාතික කණ්ඩායමට යොමු කරගැනීමේ වැඩපිළිවෙලකුත් මේ හරහා ක්‍රියාත්මක වෙනවා.

file

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියද මෙහිදී අදහස් දක්වනු ලැබීය.

file

Recent Posts

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

6 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

6 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

6 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

4 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago