file
රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවාගත හැකි බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
ඒ වෙනුවෙන් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුවී ඇති ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.
ඇය මේ බව සඳහන් කළේ ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කළද ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත් භූමිකාවක් ඉටු කරන බව මෙහිදී අමාත්‍යවරිය පෙන්වා දුන්නා.
වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ..
“රාත්‍රී කාලයේ විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම් රටක ආර්ථිකය ඉහළ නංවා ගැනීමට සැලකිය යුතු භූමිකාවක් ඉටුකරනවා. රාත්‍රී කාලයේ දී සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාද ක්‍රියාකාරකම් මෙන්ම අවන්හල් විවෘතව තැබීම ඇතුළු රාත්‍රී ආර්ථිකයක් වෙත යොමුවීම මඟින් රටේ විදේශ විනිමය 70%කින් පමණ ඉහළ නංවා ගැනීමට හැකියාව තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකයේ දායකත්වය ලබා ගන්නවා.
විදේශීය සංචාරකයන් පමණක් නොවෙයි, අපේ රටේ ජනතාවද සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී අවන්හල් වෙත ගොස් ආහාර පාන ගැනීම ඇතුළු විවිධ විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල නිරතවීමට වැඩි කැමැත්තක් දක්වනවා. එමඟින් විශේෂයෙන් සුරාබදු ආදායම් පවා වැඩිකර ගැනීමට රජයට අවස්ථාව හිමිවෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට මෙන්ම රටේ සංවර්ධනය තිරසරව පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍යයි.
ඇතැම් පාර්ශ්ව රාත්‍රී ආර්ථිකය සම්බන්ධව විවිධ චෝදනා එල්ල කරනවා. නමුත් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙන ප්‍රධාන ස්ථාන අතර වන විශේෂයෙන් වෙරළාසන්න ප්‍රදේශ සහ කොළඹ වැනි නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විනෝදාස්වාදය ලැබීමට අවස්ථා තිබිය යුතුයි. එනිසා එවැනි ස්ථාන ආශ්‍රිතව පවතින නීති රෙගුලාසි සංශෝධනය කරමින් අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය වැනි විවිධ රටවලින් සංචාරකයන් මෙරටට පැමිණෙනවා. ඔවුන්ට මෙරටට පැමිණ විනෝදාස්වාදය ලැබීමට හැකි ආකාරයට ඇතැම් සීමා සංශෝධනය විය යුතුයි. නිදසුනක් ලෙස ආපන ශාලා විවෘතව තැබෙන කාල සීමාව වෙනස් විය යුතුයි. සංචාරකයන්ට පහසු වන නම්‍යශීලී ප්‍රතිපත්තියක් වෙත අප යොමුවිය යුතුයි”
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…