දේශීය

“ජයගමු ශ්‍රි ලංකා” කෑගල්ලට

ස්මාට් වැඩ්ඩන් බිහිකරන Smart Youth Club ඇතුළු සේවාවන් රැසක්.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය නවතම දිගහැරුම පෙබරවාරි මස 23 හා 24 දෙදින කෑගල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙහි සමාරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයිනගේ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 දින පැවැත්වීමට නියමිතය.

මෙම ජංගම සේවා වැඩසටහන හා සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් සංවිධානය කොට තිබේ.

මෙහිදී Smart Youth වැඩසටහන හරහා, ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහය ඇතිව දීප ව්‍යාප්තව තරුණ තරුණියන් දස දහසකට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදීමේ වැඩසටහනක්ද මෙහිදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එමෙන්ම මෙරට අවිධිමත් අංශයේ වෘත්තීන් වල නියුතු පිරිස හට වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ලබාදීමට ආරම්භ කළ “ගරුසරු” වැඩසටහන යටතේ NVQ සහතිකද ලබාදීමට මෙහිදී සැලසුම් කර ඇත.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූදරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට හා පාසල් උපකරණ බෙදා දීමට කටයුතු යොදා ඇති අතර, විදේශ රැකියාව අවසන් කර යළි දිවයිනට පැමිණි ශ්‍රමිකයින් සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලබාදීම, මෙරටට පැමිණීමෙන් පසුව සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන විගමනික ශ්‍රමිකයින් ඇගයීමට ලක්කිරීමටද නියමිතය. ස්වයං රැකියා ආරම්භ කර ඇති ශ්‍රමිකයින්ගේ භාණ්ඩ සහන මිලට අලෙවි කිරීම සඳහා වෙළඳපොලක්ද මෙම ප්‍රදර්ශන භූමියේදී පැවැත්වේ.

එසේම ආබාධිත විගමණික ශ්‍රමිකයින් සඳහා ඇස් කණ්ණාඩි හා රෝද පුටු ඇතුළු වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමටද නියමිත අතර, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් අධ්‍යාපනය ලබන කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් තුල සුහුරු පන්ති කාමර ස්ථාපිත කිරීමට අවශ්‍ය Smart Board පිරිනැමීටද කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන හා සමගාමීව විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීමටද නියමිත අතර, කෑගල්ල දිස්ත්‍රික් වෘත්තිය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංසදය පිහිටුවීමටද නියමිතය.

තවද, කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මගින් විදේශ රටවල රැකියා අවස්ථා ලබාගැනීම සඳහා තරුණ තරුණියන්ට මෙහිදී අවස්ථාව හිමිවන අතර, 24 වන දින රාත්‍රියේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ.

: කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

2 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

2 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

4 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

5 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

5 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

5 days ago