Friday, April 17, 2026
HomeදේශීයUPDATE: ෆොන්සේකා උසාවි ගියාට සජබෙන් ප්‍රතිචාර

UPDATE: ෆොන්සේකා උසාවි ගියාට සජබෙන් ප්‍රතිචාර

තමන් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා මහතා නඩුදැමීමට යන බවත් එසේ නඩු මගට යනවා නම් ඊට හේතු කියන්න සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

පක්ෂයක සිටින විට කාට වුවද ගැටලු මතුවන බවත් ඒවා පක්ෂය තුළ දී කතා බහ කර විසඳාගත යුතු දේවල් බවත් මරික්කාර් මහතා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා..

“මටත් දැනගන්න ලැබුණා සරත් ෆොන්සේකා මහත්මයා සභාපති ධුරයෙන් ඉවත් කරන්න එපා කියලා නඩු දාන්න යනවා කියලා. මට කියන්න තියන්නෙ නඩු දානවා නම් අපිට දැනුම්දීමක් කරලා යන්න. එතකොට අපි කියන්නම් අයින් කරන්න වෙනවා නම් ඒකට හේතු මොනවද කියලා. මම දැක්කා වෙබ් සයිට් එකක දාලා තිබුණා එතුමා ජනාධිපතිතුමාව හම්බ වෙනවලු ඩයනා ගමගේ මහත්මියගෙ නිවසේදි. මොකද ඩයනා ගමගේගෙ මහත්තයා තමයි සරත් ෆොන්සේකා මහත්මයාගෙ හිටපු ලේකම්වරයා. සමගි ජන බලවේගය සමඟ ඉන්නවා නම් සමගි ජන බලවේගය සමඟ ඉන්න ඕනෙ. රනිල් මහත්මයා එක්ක ඉන්නවා නම් එතන්ට යන්න ඕනෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ හමුදාපති කරපු කෙනත් එක්ක තරහ වුණා. කේක් කවපු කෙනත් එක්ක තරහ වුණා. ෆීල්ඩ් මාර්ෂල් කරපු කෙනත් එක්කත් තරහ වුණා. පැරදිලා ඉන්න අවස්ථාවක ඇමැතිකමක් දුන්න කෙනත් එක්කත් තරහ වුණා. පක්ෂයක ඉන්නකොට අපිට වුණත් ප්‍රශ්න තියනවා. ඒවා කතා බහ කරලා විසඳ ගන්න ඕනෙ එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න යන්නෙ නැතුව”

READ:   අලුත් මහාවංශය යුද්දේ ගැන කරුණු විකෘති කරලා? - සරත් ෆොන්සේකා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්