Thursday, July 23, 2026
Homeදේශීය"ලක්සල - ඇල්ලට " මුල් ගල් තැබේ

“ලක්සල – ඇල්ලට ” මුල් ගල් තැබේ

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය හා ලක්සල ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන “ලක්සල – ඇල්ල ” නව ප්‍රදර්ශනාගාරය සඳහා මුල්ගල තැබීම ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඇල්ල දුම්රිය ස්ථානයේ දී සිදු කෙරුණා.

file

ලක්සල ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ඉදි වන මෙම ගොඩනැගිල්ලේ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයට ගැලපෙන ආකාරයට බිම්මහල පොදු රථ ගාලක් ලෙසත්, උඩු මහල ලක්සල ප්‍රදර්ශනාගාරය ලෙසත් ඉදිකිරීමට නියමිතයි.

එතුලින් ප්‍රදේශයේ සහ සමස්ථ ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත, සහ ගෘහස්ථ ලෙස ස්වයං රැකියාවල නිරත නිර්මාණකරුවන්ට නව වෙළඳපොලක් බිහිවන බව සඳහන්.

එහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ සහ ඌව පළාතේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ වෙත විශේෂ ඉඩකඩක් වෙන් කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

file
file
file
READ:   ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්