දේශීය

වෘත්තිය සමිති 72ක් යළි සෞඛ්‍ය වර්ජනයේ: රෝගීන් දැඩි අපහසුතාවයට

වෘත්තිය සමිති 72 ක සෞඛ්‍ය සේවකයින් අද (13) උදෑසන 6.30 සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙනවා.

ඒ ඔවුන්ගේ ගැටලු පිළිබඳ මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන්.

වෛද්‍යවරුන්ට පමණක් ලබා දී ඇති රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය දින කිහිපයක් ද මෙම විරෝධතාවය පැවැත්වූවා.

ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයින්, රසායනාගාර විද්‍යාඥයින්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,කීට විද්‍යා නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු වෘත්තීය සමිති 72ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් මේවන විටත් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago