දේශීය

ඒ පාර නාමලුත් ඉන්දියාවට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරකට එක්ව ඇති බව වාර්තා වෙනවා.

එහිදී ඔහු ඉන්දියාවේ රාම කෝවිලට ගොස් ආගමික වතාවත් වලද නිරත වී තිබුණා.

සිය ඉන්දීය සංචාරය පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවන් සටහනක්…

උපුටා ගැනීම.

ඉතා සීඝ්‍රයෙන් ආර්ථික සංවර්ධනයක් ළගාකරගන්නා ඉන්දියාව විසින් අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය වැනි අංශ තුළ වැඩි වශයෙන් ආයෝජන කිරීම් දැක ගත හැකිවේ. දුප්පත්කම අවම කිරීමෙන් ආර්ථික වර්ධනයට තිරසාර විසඳුමක් ලබාදීම මුලික අරමුණ කරගනිමින් ඔවුන් කටයුතු කරයි.

නව ආයෝජන අවස්ථා සඳහා වන විරෝධතාවලට වඩා ඉතා ක්‍රමානුකූලව ඉන්දියාව තුළ සිටින ආයෝජකයන් හා ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම මෙන්ම, ඔවුන් විදෙස් ආයෝජන සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ඊට අවශ්‍ය පසුබිම විනිවිදව සැකසීම අගය කළ යුතුවේ.

අපගේ පාලන කාලසීමාවන් තුළ ඉන්දීය රජය සමඟ ඉතා සුහදව පැවති රාජතාන්ත්‍රික සහසම්බන්ධතාවය සහ සහෝදරත්වය සිහිපත් කිරීමට ද මම මෙය අවස්ථාවක් කරගනිමි.

එකී සබඳතාවය සහ වටිනාකම් පෙරදැරිව ඉන්දියාවේ අයෝධ්‍යාපුරයට පැමිණි අවස්ථාවේදී ඓතිහාසික රාම කෝවිලට ගොස් වැඳ පුදා ගැනීමත්, එසේම උත්තරා ප්‍රදේශයේදී ඉතා උණුසුම් පිළිගැනීමත් මම නිහතමානීව පිළිගතිමි. සංස්කෘතික සහ සමාජීය වටිනාකම් පෙරදැරිව දෙරටේ සබඳතා වර්ධනය කිරීම රාජ්‍යතාන්ත්‍රිකව සිදුවිය යුතුබව මාගේ විශ්වාසයයි.

උපුටා ගැනීම අවසන්.

අදාළ දර්ශන පහතින්,

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago