Monday, June 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක්දින සටන අද.

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක්දින සටන අද.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

16 දෙනෙකුගෙන් යුක්ත ශ්‍රී ලංකා එක්දින සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස් දරන අතර එහි උපනායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංක ට යි.

එම සංචිතයට හිටපු නායක දසුන් ශානක මෙවර නම් නොකර තිබීම විශේෂත්වයක්.

තමන්ටත් වඩා ලීග් තරගාවලිවලට ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙම තරගාවලියේදී කිසිසේත් අවතක්සේරු නොකරන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ඊයේ (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්