file
ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියළු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක් වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. තවද ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙහි පැමිණ එම සිද්ධස්ථාන වැද පුදා ගන්නා ලෙසට තමා ආරාධනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙම අදහස් පලකලේ අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගත් අවස්ථාවේදී ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,
ශ්‍රී ලංකාවේ අනුරාධපුර ඓතිහාසික පුරවරයේ මධ්‍යයේ පිහිටි අටමස්ථානය වන ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ථූපාරාම සෑය, ලෝවාමහාපාය, අභයගිරි ස්ථූපය, ජේතවනාරාම ස්ථූපය, මිරිසවැටි ස්ථූපය, ලංකාරාම ස්ථූපය ඇතුළු සන්ධිස්ථාන ආධ්‍යාත්මික වැදගත්කමකින් යුක්තය.
ලෝකයේ නන් දෙසින් පැමිණෙන බෞද්ධ බැතිමතුන් වැද පුදාගත යුතුම ස්ථානයක් ලෙස අටමස්ථානය නම් කල හැකිය.ඉපැරණි රාමායණය වීර කාව්‍යයේ මංපෙත් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ හින්දු බැතිමතුන්ද අනුරාධපුරයට පැමිණෙන බවත්, විශේෂයෙන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුරාණ භාරතයේ සිට ලංකාවට ගෙන ආ ඓතිහාසික බෝධි අංකුරය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී මහා බෝධිය යනු මිනිසුන් විසින් රෝපණය කරන ලද ලොව පැරණිතම වෘක්ෂය බවත් නාමල් රාජපක්ෂ පැවසීය අපගේ හවුල් උරුමයන් හරහා අනුරාධපුරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීපව බැඳී තිබේ.ආධ්‍යාත්මික මෙන්ම සංස්කෘතිකමය වටිනාකමක් ඇති ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය යනු ලොවපුරා වෙසෙන ලෝකවාසී බෞද්ධ ජනතාව ඇතුළු ලෝකයේ සියළු ජනතාව වැද පුදාගත යුතු ස්ථාන බව නාමල් රාජපක්ෂ අවධාරණය කලේය.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…