Friday, April 24, 2026
Homeදේශීයඅටමස්ථානය වඳින්න නාමල්ගෙන් ජනතාවට ආරාධනා.

අටමස්ථානය වඳින්න නාමල්ගෙන් ජනතාවට ආරාධනා.

ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියළු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක් වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. තවද ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙහි පැමිණ එම සිද්ධස්ථාන වැද පුදා ගන්නා ලෙසට තමා ආරාධනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු මෙම අදහස් පලකලේ අනුරාධපුර අටමස්ථානය වැද පුදා ගත් අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ,

ශ්‍රී ලංකාවේ අනුරාධපුර ඓතිහාසික පුරවරයේ මධ්‍යයේ පිහිටි අටමස්ථානය වන ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය, ථූපාරාම සෑය, ලෝවාමහාපාය, අභයගිරි ස්ථූපය, ජේතවනාරාම ස්ථූපය, මිරිසවැටි ස්ථූපය, ලංකාරාම ස්ථූපය ඇතුළු සන්ධිස්ථාන ආධ්‍යාත්මික වැදගත්කමකින් යුක්තය.

ලෝකයේ නන් දෙසින් පැමිණෙන බෞද්ධ බැතිමතුන් වැද පුදාගත යුතුම ස්ථානයක් ලෙස අටමස්ථානය නම් කල හැකිය.ඉපැරණි රාමායණය වීර කාව්‍යයේ මංපෙත් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ හින්දු බැතිමතුන්ද අනුරාධපුරයට පැමිණෙන බවත්, විශේෂයෙන් බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පුරාණ භාරතයේ සිට ලංකාවට ගෙන ආ ඓතිහාසික බෝධි අංකුරය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ශ්‍රී මහා බෝධිය යනු මිනිසුන් විසින් රෝපණය කරන ලද ලොව පැරණිතම වෘක්ෂය බවත් නාමල් රාජපක්ෂ පැවසීය අපගේ හවුල් උරුමයන් හරහා අනුරාධපුරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමීපව බැඳී තිබේ.ආධ්‍යාත්මික මෙන්ම සංස්කෘතිකමය වටිනාකමක් ඇති ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය යනු ලොවපුරා වෙසෙන ලෝකවාසී බෞද්ධ ජනතාව ඇතුළු ලෝකයේ සියළු ජනතාව වැද පුදාගත යුතු ස්ථාන බව නාමල් රාජපක්ෂ අවධාරණය කලේය.

READ:   ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම, පොලිස් නිවේදනයෙන් පසු අරගලකරුවන්ගේ උපහාර මැද, ගාලුමුවදොරට සමුදෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්