file
වැලිගමෙන් ආරම්භ වූ ජීවිත බිලිගැනීමේ අපරාධ රැල්ල මේ වන විට අද කොහෙද? කව්ද? යන්න ජනතාව විමසන තත්ත්වයට වර්ධනය වී ඇති බව නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.
පුද්ගලයෙකු ඝාතනය වූ පසු ඔහුගේ පවුලට ලක්ෂ දහයක මුදලක් පරිත්‍යාග කිරීම, සිදු කළ පමණින් එම ගැටලුව නොවිසෙදෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
පසුගියදා සමගි ජන බලවේගය කොළඹ දී පැවැත්වු විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව පැවසු ඒ මහතා රට තුළ සිදුවන ඝාතන ක්‍රියාවලිය ආණ්ඩුව හිතාමතා මග හරිමින් සිටනවාද යන්න, සැක සහිත බව සඳහන් කළා.
ජාතික ජන බලවේගයේ නිතීඥ සංගමය ඊයේ (31) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් වටගල මහතා මේ බව පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල මහතා…
“නාරම්මල සිදුවීමේදී, මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි තැනැත්තා රථයෙන් බැස ඇවිත් ඉදිරියෙන් ගිය ටිපර් රථයේ රියදුරුට තර්ජනය කරනවා. එම මෝටර් රථයේ රියදුරු පැමිණ ටිපර් රථයේ රියදුරුට වෙඩි තබා මරණවා. මෙවැනි වෙඩි තැබීම් කළ හැකිද? අදාළ පුද්ගලයාගේ හැඳුනුම්පත හෝ ආදායම් බලපත්‍රය, ලයිෂන් ඉන්ෂුවරන්ස් බලා අනන්‍යතාවය තහවුරු කරගෙන පමණයි කිසියම් ක්‍රියාවලියකට අවතීර්ණ විය යුත්තේ. මේ සිද්ධිය ඉතාමත් බරපතළයි. වෙඩි තබන ලද උණ්ඩය අහුලාගෙන එම නිලධාරියා සාක්කුවේ දමා ගන්නවා. මේ සම්බන්ධව ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. මේ මොහොතේ අපි නීතිඥ කණ්ඩායමක් නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ නඩුවට පෙනීසිටිමින් ඉන්නවා. පැමිණිල්ල උත්සාහ කරමින් සිටිනවා පසුපස අසුනේ සිට පැමිණ මරණකරුට තර්ජන කළ තැනැත්තාව පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් බවට පත්කරන්න. අගතියට පත්ව සිටින පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටින අපේ නීතිඥ කණ්ඩායම ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා මෙම නඩුවේ කටයුතු අදාළ පොලීසියටම කරගෙන යන්න ඉඩ දෙන්න එපා කියලා, “එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ” වැඩක්. අපේ නීතිඥ කණ්ඩායම්, ඉල්ලීම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කරනවා. එකක් මෙහි සම්පූර්ණ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්න. එහෙම නැතිනම් ඒ පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මේ කටයුතු සිදුකරන්න.”
“මේ තැනින් තැන සිදුවන ඝාතන ක්‍රියාවලියට ආණ්ඩුව හිතාමතාම හරිමින් සිටිනවද කියලා සැකයක් මතුවෙනවා. පුද්ගලයෙකු ඝාතනය කරලා පහුවදා වැඩබලන පොලිස්පති ලක්ෂ දහයක මුදලක් පවුලේ අයට ප්‍රධානය කරනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වටිනාකම ලක්ෂ දහයකද? ඒ මුදල යන්නෙත් රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මහා භාණ්ඩාගාරයේ මුදල්. මිනිස් ජීවිතයක වටිනාකම තුට්ටුවකට දමා කටයුතු කිරීම බරපතළ කරුණක්. මේ බරපතළ වරදක් සාමාන්‍ය කරණය කිරීමක්. සමාජයක් විදිහට, සමාජයේ වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක නීතිඥයන් ලෙස මෙය අපට ඉවසිය නොහැකියි. මෙය නීතියේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ අපගමනයක්. 1992 කාලයේත් මෙවැනි තැන තැන මිනිස් ඝාතනය සිදුවෙමින් මහා අපරාධයක් දක්වා ගියපු බව අපි දන්නවා. මේ එන්නේ එවැනි පන්නයේ වැඩකටද?”
“මේ මැතිවරණ වසරක්. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන විදිහට මැතිවරණ දෙකම තිබෙනවා. මේ මැතිවරණයන් ජයග්‍රහණය කිරීමට අදාළ පසුබිමක් හදාගන්න උත්සාහ කරනවා. සමාජය භයංකර තත්වයකට පත්කරලා ආණ්ඩු විරෝධය කියන එක මට්ටු කරන්න පරාජිත උත්සාහයක් ගනිමින් ඉන්නවා. ජන බලවේගය ලෙස අපි මේ සමාජය දැනුවත් කරමින්, යෝධ සමාජ පවුරක් විදිහට මෙයට මුහුණ දෙනවා. අපි සමාජයට කියනවා ඔබ, ආණ්ඩුවේ බියගුළු ක්‍රියාවලට බියට පත්වෙන්න එපා. මේ දුර්දාන්ත ආණ්ඩුවට එරෙහි ක්‍රියාවලිය ආපස්සට ගන්න එපා.”
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…