Tuesday, September 15, 2026
Homeදේශීයමහරගම පිළිකා රෝහලේ රෝගී දරුවන්ගේ ජීවිත අනතුරේ..

මහරගම පිළිකා රෝහලේ රෝගී දරුවන්ගේ ජීවිත අනතුරේ..

පිළිකා රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රයක් අක්‍රිය ව ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස අක්‍රිය ව ඇත්තේ පිළිකා රෝගය වැළඳුණු කුඩා දරුවන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දෙන යන්ත්‍රය යි.

එම යන්ත්‍රය (ලීනීයර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය) අක්‍රිය වී දැනට සති දෙකකට වැඩි කාලයක් ගත ව ඇත.

ලියුකෙමියා රෝගයට ගොදුරු වූ කුඩා දරුවන් 10 ක් 15ක් අතර සංඛ්‍යාවකට මෙම යන්ත්‍රයෙන් දෛනිකව ප්‍රතිකාර ලබයි.

මේ අතර එම දරුවන්ට අමතරව පොරොන්තු ලේඛනයේ තවත් පිළිකා රෝගී දරුවන් බෝහෝ පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට රැදී සිටි.

මේ වන විට එම සියලු රෝගී දරුවන්ගේ විකිරණ ප්‍රතිකාර මුළුමණින්ම රෝහලේ ඇණහිට ඇති අතර දරුවන් රැසකගේ ජීවිත අවධානමකට ලක්ව ඇත.

READ:   අනුර සජිත් ප්‍රශ්න කිරීම් හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්