Wednesday, September 9, 2026
Homeදේශීයමන්නාරම් වෙරළට නාඳුනන විශාල බෝට්ටුවක් ගොඩ ගසයි..

මන්නාරම් වෙරළට නාඳුනන විශාල බෝට්ටුවක් ගොඩ ගසයි..

මන්නාරම් නඩුකුඩා වෙරළ තීරයට ඊයේ (07) ටග් වර්ගයේ විශාල බෝට්ටුවක් ගොඩ ගසා ඇති බව තලෛමන්නාරම් පොලිසිය පවසනවා.

ඉන්දියාවට අයත් යැයි සැලකෙන මෙම බෝට්ටුව නැව්වලට භාණ්ඩ පැටවීමට (ටග් බෝට්ටු) යොදා ගන්නා එකක් බව නාවික හමුදාව පවසනවා.

වෙරළ සීමාවට ගොඩ ගසා තිබූ එම බෝට්ටුව නාවිකා හමුදාවට අයත් යාත්‍රාවක් මගින් වෙරළට ඇදගෙන ආ බව වාර්තා වේ.

ඉන්දීය සාගරය තුළ පැවති අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රාව වෙරළට පැමිණෙන්නට ඇති බව තලෛමන්නාරම් ප්‍රදේශවාසින් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා නාවික හමුදාව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්