අද 31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධිත නව මිල ගණන් පහතින්,
- 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371ක්.
- ලංකා සුදු ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 363ක්.
- ලංකා භූමිතෙල් මිල රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 262ක්.
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 වර්ගයේ ලීටරයක මිල රුපියල් 08කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 456ක්.
- ලංකා සුපිරි ඩීසල් 4ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල ද රුපියල් 07කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 468ක්.