අධිවේගී මාර්ගයක මාර්ග නීති නොතකා රියදුරන් සිදුකරන කටයුතුවල ප්‍රතිථලයක් වශයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ජීවිතය නැති වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
මෙය එවැනි සිදුවීමක් සිදුවූ පළමු අවස්ථාව නොවන බවත් මාර්ගනීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මීට වඩා ක්‍රමවත් නීති පද්ධතියක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
ඒ මහතා මෙම අදහස් පැවසුවේ සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අවස්ථාවේදී.