file
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මියයෑම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් ගැන සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
සිදුකළ සොයා බැලීමට අනුව එක්තරා පක්ෂයකට සම්බන්ධ පිරිසක් එම කමෙන්ට් පළ කර ඇති ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් ඉතාමත් අසීලාචාර ලෙස සමාජ මාධ්‍ය ජාලා තුළ සමහර පළ කිරීම් සිදුකර ඇති බවත් දැන් සමාජ මාධ්‍ය තුළ සිදුවන එවැනි දේ පහසුවෙන් සොයා ගැනීමට හැකි බවත් ඒ ගැන සතුටු වන බවත් අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළා.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා..
“ඒක පක්ෂයකට සම්බන්ධ කට්ටිය තමයි මෙහෙම දේවල් දාලා තියෙන්නේ. නැත්නම් දෙයියනේ මනුස්සයෙක් මැරුණාම මෙහෙම දේවල් කියන්න බැහැ. අපි සොයාබැලීමක් කළා.. ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච කට්ටිය සහ ෆේක් එකවුන්ට්ස්. අපි සතුටු වෙනවා.. දැන් ඒවා හොයාගන්නත් පුළුවන් වෙයි. ඉස්සර නම් හොයා ගන්නත් අමාරුයි නේ.”
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…