Wednesday, April 15, 2026
Homeදේශීයසනත් නිශාන්තගේ දේහය අද පුත්තලමේ නිවසට

සනත් නිශාන්තගේ දේහය අද පුත්තලමේ නිවසට

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි.

දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

අද පස්වරුවේ ඒ මහතාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව වාර්තා වුණා.

අමාත්‍යවරයාගේ අභාවය සැලවීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් ඒ මහතාගේ කොළඹ පිහිටි නිවසට සහ දේහය නැත්පත් කර ඇති බොරැල්ල මල් ශාලව වෙතත් ඊයේ රාත්‍රිය වන විටත් පැමිණ සිටියා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා පුත්තලම, ආරච්චිකට්ටුව රාජකදලුව කතෝලික සුසාන භූමියේදී  සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

READ:   ජනපතිගෙන් ෆේස්බුක්, යූ ටියුබ්, ගූගල් පාලනයට කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්